මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් !

Date:

රෂිකා හෙන්නායක මාර්තු 05, කොළඹ (LNW):

මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 3කින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී.

ස්වාධීන කණ්ඩායම් 19 ක් ද ඇප තැන්පත් කර ඇති බවත්, ඒ අනුව මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර හා අම්පාර යන දිස්ත්‍රික්ක සඳහා එලෙස ඇප තැන්පත් කර ඇති බවත් එම කොමිසම සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් භාරගැනීම පෙරේදා(03) ආරම්භ වූ අතර, ඇප මුදල් තැන්පතු භාරගැනීම ලබන 19 වැනි දා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

නමුත්, මැතිවරණ කොමිසම නිවේදනය කළේ, ලබන 8 , 9 , 13 , 15 සහ 16 යන දිනවල ඇප මුදල් භාරගැනීම සිදු නොකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේදී ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රායිඩ් සාද් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

සෙත්මික පන්දු යවන්නන් අතර මුල් තැනට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

අද (14) කාලගුණය වෙනස්වෙන හැටි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...