දිට්වා ආපදාවෙන් මියගිය අය සිහිකර පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීදිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවක් පැවැත්විය.

පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ හටගත් අඩු පීඩන කලාපය පසුව ‘දිට්වා’ නමින් ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වූ අතර පැය 24ක් තුළ මිලිමීටර් 540ක් තරම් වූ ඉහළම වර්ෂාපතනයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ඇදහැලී තිබුණි.

ඒ හේතුවෙන් දිස්ත්‍රික්ක 25න් 22කටම දැඩි බලපෑම් එල්ල විය.

ඇති වූ තද වැසි, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මාර්ග පද්ධති, නිවාස සහ වගාබිම් විශාල ප්‍රමාණයක් විනාශයට පත්වූ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 650කට අධික පිරිසකට දිවි අහිමි වී ඇති අතර, තවත් 173කට ආසන්න පිරිසක් අතුරුදන් විය.

එම ව්‍යසනයෙන් හානියට පත් යටිතල පහසුකම් තවදුරටත් යථාතත්ත්වයට පත්කරමින් පසුවන අතර ඉන ආර්ථිකයට එල්ල වූ බලපෑමද සුළු පටු නොවීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියවසක මහජන සෞඛ්‍ය මෙහෙවර අභිමානයෙන් සමරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: සියවසක මහජන සෞඛ්‍ය මෙහෙවර...

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නීතිය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා...

පෑලියගොඩ රේගු ගුදමකින් මතුවූ රු.මි. 181.9 ඉක්මවූ මත්ද්‍රව්‍ය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රේගු...

ජනාධිපතිවරයාගේ ඊයේ කතාවෙන් පසු GMOA වැඩවර්ජනයකට යයිද? තීරණය අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන 30 වනදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට...