*
Monday, September 23, 2024
spot_img

Latest Posts

කුණාටු මැද්දෙත් අපි හයියට ඉන්නවා – අද හවස ලස්සන කිරීම සීආර්ට සහ නාවික හමුදාවට භාරයි ශ්‍රී ලංකා රගර් සභාපති රිස්ලි ඉල්ලියාස්

“විවධාකාරයේ කුණාටු හැමුවාට වඩා ශ්‍රී ලංකා රගර්වලට එරෙහිව කුණාටු නිර්මාණය කෙරුවා.ඒක රටම දැක්කා.අපි ඒ මැද්දෙ අපේ ගමන ආවා.රගර් ක්‍රීඩාවේ ජයග්‍රහණය ලබන්නනම් හරස් කැපීම් පෙරළගෙන දුවන්නම වෙනවා.ඒක කරන්න නායකත්වය දෙන්න පුළුවන් වුණාට තනියෙන් කරන්න බැහැ.ශ්‍රී ලංකා රගර් පරිපාලනයට මම නායකත්වය දුන්නට අපි ටීම් එකක් විදිහට හයියට හිටපු හින්ද තමයි මේ දේවල් කළේ.එක අරමුණක එකට වැඩ කරන්න පුළුවන් පිරිසිදු කණ්ඩායමක් විදිහට චෝදනා නිර්මාණය කරනවා හැරෙන්න,ඒ මත ඉදලා බාධා කරනවා හැරෙන්න කාටවත් මෙන්න මෙතැන අපිරිසිදුයි කියන්න අපි ඉඩ තිබ්බෙ නැහැ.ඒ පිරිසිදු ගමණෙ තීරණාත්මක මොහොතක් අද හවස තියෙන්නෙ.ඒක ලස්සන කරන එක සීආර් සහ නේවි එකට භාරයි.”
මේ ආකාරයට රිස්ලි ඉල්ලියාස් අදහස් දැක් වූවේ අද පැවත්වෙන ප්‍රතිමළුන් පිටුදැකීමේ අවසාන තරගය ගැන සහ ලීග් සූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය මෙම තරගාවලිය නියෝජනය නොකිරීම ගැන අදහස් විමසු අවස්ථාවේදී ය.


“කාටවත් හැමදාම දිනන්න බැහැ.පරදින්න පුළුවන්.ලිග් එකයි නොකවුට් එකයි කියන්නෙ දෙකක්.ලීග් එකේ චාන්ස් ගොඩක් තියෙනවා.නොකවුට් එකේ දී එකෙන් ඉවරයි.ඒ නිසා නොකවුට් එකේ ස්ළුභාවය වෙනස්.පුදුම බරක් හැම ටීම් එකම මැච් එකට දානවා.දැක්කනෙ ලීග් එකේ ප්ලේට් චෑම්ප්ස්ලා වෙච්චි එයාර් ෆෝස්ට ඒක දිනලා සුමානෙකට පස්සෙ නොකවුට් එකේදි පොලිසිය කරපු දේ.”

මහනුවර ජයග්‍රහණය නොකවුට් එකේදී ද සිදු විය හැකිව තිබුණා නේද යනුවෙන් ඇසුව පැනයට එසේ පිළිතුරු දුන් රිස්ලි ඉල්ලියාස් මහනුවර ක්‍රීඩා සමාජය දක්ෂ කණ්ඩායමක්.ඒ වටා ඉන්නෙ ඔක්කොම අත්දැකීම් ඇති පිරිසක්.එයාලත් මම කිව්ව දේ දන්නවා.සමහර විට ලීග් සූරයන් වීමේ ගෞරවය නොකවුට් එකේදි නැති වෙයි කියලා එයාලට දැනෙනවා වෙන්න පුළුවන්.මහනුවර මේ දේ කරපු පළවෙනි වතාව නෙමෙයි.
ඉල්ලියාස්ගේ ඒ අදහසට එරෙහිව අප පෙන්වා දුන්නේ මහනුවර කණ්ඩායමට ගැටළුව තිබුණේ රගර් සම්මේලනය තෝරා දුන් ක්‍රීඩා පිටිය බවය.

“මේ තරගාවලියේ හැමෝම ගැහැව්වෙ තමන්ගෙ පිට්ටනිවල නෙමෙයි.ඒ ගොල්ලො ලීග් සූරතාවය දිනා ගන්න හත් වතාවක් කොළඹ ආපු කණ්ඩායමක්.එහෙම කණ්ඩායමකට නිත්තවෙල ඉදලා අල්ලපු වැටේ තියෙන පල්ලෙකැලේට පනින්න බැරි ද?ඒ නිසා ඒ කතාව තමන්ගෙ ක්‍රියාව වහගන්න හදපු කතාවක්.ඒත් මහනුවර නොකවුට් එක ඉස්සරහ පොඩ්ඩක් පසුබාන ගතියක් තියෙනවා.ඒකට හේතුව මං දන්නෙ නැහැ.සමහර විට ලීග් සූරතාවයෙන් අත් කර ගත් කීර්තියට හානියක් වෙයි කියන එක වෙන්න ඕනි.ඒ නිසා එයාල අපිට ඉල්ලපු පිට්ටනිය දුන්නෙ නැහැ කියන කතාව සිතාම්බර සළු ඇඳගෙන යනවා වැඩක්.”

සමහර විට ඔබ සහ ඔබේ පරිපාලන කණ්ඩායම අපහසුවට පත් කරන්න කළා වෙන්න බැරිද?
ඒ ප්‍රශ්නය හමුවේ ඉල්ලියාස් පවසන්නේ තමන්ට හෝ තම නණ්ඩායමට ඉන් අපහසුවක් වෙන්නේ නැති බවය.
“අපහසුවක් වෙන්නෙ රගර් ක්‍රීඩාවට.ඔවුන් දක්ෂ කණ්ඩායමක්.දක්ෂ ක්‍රීඩකයො ගොඩක් ඉන්නවා.එයාල වෙනුවෙන් මැරී ගෙන ඉදිරිපත් වෙන අපූරු ප්‍රේක්ෂඛ කණ්ඩායමක් ඉන්නවා.ඒ සියල්ල රගර් ක්‍රීඩාවේ අපූරු දේවල්.ඒ නිසා රගර් ක්‍රීඩාවට එවැනි දක්ෂයින් නැති එක ගැටළුවක්.මටවත් මගේ කණ්ඩායමටවත් මොන විරෝධය දැක් වුවත් අපි ඒකට මුහුණ දෙනවා.ඒක පදනම් කරගෙන කිසිවක් කරන්නෙත් නැහැ.නමුත් මහනුවර නොකවුට් එකට සහභාගි නොවිමෙන් රගර්වලට කරන හානිය ගැන මොනව හරි කරන්න වෙයි අපිට.”
ඒ කුමක් ද කියා තව දුරටත් අප විමසා සිටිය ද,ඉල්ලියාස් පැවසුවේ එය ශ්‍රී ලංකා රගර් සභාපතිගේ කාර්යයක් නොවන බවය.ඒ සඳහා ශ්‍රී ලංකා රගර් වෙතින් වගකීම පැවරුණු පිරිසක් ඇති බවය.

එසේම අද පස්වරු 2.30 ට කාන්තා ලීග් තරගාවලියේ අවසාන තරගයට යුද හමුදාව සහ නාවික හමුදාව මුහුණ දෙන අතර යුද හමුදාව පළමු හමුවීම ජය ගත්තද අතදැකිම් සහිත ක්‍රීඩිකාවන් නාවික හමුදාව සතුවද සිටින බැවින් යුද හමුදාවට මෙම තරගය පහසු නොවන බව ද ඉල්ලියාස්ගේ අදහසයි.

“කාටවත් පහසු නොවෙනවා කියන්නෙ දෙපැත්තම හොඳට දක්ෂයි කියන එක.දක්ෂතාවය අන්තිමට වැදගත් වන්නෙ රටට.රටේ රගර් ක්‍රීඩාව ගැන හිතන ඕනි කෙනෙක් සතුටු වෙන්නෙ ලංකාවේ රගර් ක්‍රීඩාව දක්ෂතාවලින් ඉස්සරහට යනවට.එහෙම රගර් දකින්න තමයි ශ්‍රී ලංකා රගර් පරිපාලනය මේ හැම කුණාටුවක් මැද්දෙම එකට පවුරක් වගෙ බැදිලා උත්සාහ කරන්නෙ.අපි ඒක කරන්න කැපවෙන බව දන්න නිසා තමයි මෙච්චර අකුල් හෙලද්දි කිසිඳු කොන්දේසියකින් තොරව නිපොන් පේන්ට් වගෙම අනිත් අනුග්‍රාහකයෝ අපි එක්ක ඉන්නෙ.අපි හොඳ චේතනාවෙන් කරන්නෙ.ඉතිං වරදින්නෙ නැහැ.රගර් දිහා හොඳ චේතනාවෙන් බලන්න කියන එක තමයි අපිට හරස් කපන අයටත් අපි කියන්නෙ.ලංකාවෙ රගර් හැදෙන්න ඕනි.එහෙම අවංකව ආදරෙන් හිතන්න කියන එක තමයි අප රටේ හැමෝටම කියන්නෙ.”

අද පැවත්වෙන අවසන් තරග දෙකම හොඳ තරගකාරී මට්ටමකින් දකින්නට හැකි වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා රගර් සභාපති රිස්ලි ඉල්ලියාස් පැවසීය.
ඡායාරූපයේ දැක්වෙන්නේ ලීග් සූරයින් වන මහනුවර කණ්ඩායම රිස්ලි ඉල්ලියාස් සහ ශ්‍රී ලංකා රගර් හි ප්‍රධාන අනුග්‍රාහකයා වන රගර් ප්‍රේමී නිපොන් පේන්ට් හී සාමාන්‍යාධිකාරී නේමන්ත අබේසිංහ වෙතින් සූරතාවය ලබා ගත් මොහොතයි.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan