ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව වාර්තා වේ.
ඉදිරි වසර දෙකක කාලය සඳහා අදියර කිහිපයක් යටතේ මෙම මුදල ලබාදීමට එකඟ වී ඇති බව සඳහන්.
ඒ අනුව, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනට එකඟතාවකට පැමිණි වහාම මෙහි පළමු අදියර ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කෙරෙනු ඇති බවත් වාර්තා විය.
ලෝක බැංකුවටම අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) මේ වනවිටත් ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු 3කට ඇමරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට කටයුතු කරමින් සිටී.
RN