අපි දිනුවාම මුං එකෙක්ට ඉන්න දෙන්නෙ නෑ, මුං ඔක්කොම එළවනවා – NPP නාමල්

Date:

ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කරන අතර එම ජයග්‍රහණයෙන් පසුව වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පළවා හරින බව එම පක්ෂයේ නායකයකු වන නාමල් කරුණාරත්න මහතා පවසයි.

“පළාත් පාලන මැතිවරණය. අඩේ මේක පිඟානට බෙදාගෙනනෙ තිබුණෙ. අනලා කටට දාගන්න හදනකොටම කෙළියානෙ බං කොල්ලනේ. මේ පළාත් පාලන මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම මාලිමාව උඩින්ම දිනනවා. අන්න දිනුවාට පස්සෙ මුංට ඉන්න බෑ. මුංට ඉන්න දෙන්නෙත් නෑ. මුංට ඉන්න දෙන්නෙ නෑ, මුං ඔක්කොම එළවනවා. දැන් මෛත්‍රී ලොක්කා නේද පොලොන්නරුවේ. ජනාධිපතිකමේ ඉන්නකල් හිටියා ෂපාන් එකේ. කෙළපි තාප්පෙට අන්න ඊයෙ පෙරේදා මොකක්ද වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ? ඇදලා ඇරියා නේද ? ගෙවපන් කෝටි 10ක්. ඊටපස්සෙ ඒකට ඇපීල් කෙරුවා. ඇපීල් එකත් එළියෙ. දැන් ගෙවපන් කෝටි 10ක්. මුං හිතාගෙන ඉන්නෙ ජනාධිපති වුණා කියලා මුංට හැම එකක්ම කරන්න පුළුවන් කියලා”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...