පෙළපොත් සහ නිල ඇඳුම් 03 වන වාරය අවසන්වීමට පෙර ලබාදෙනවා: අධ්‍යාපන ඇමති

0
207

03 වන පාසල් වාරය අවසන්වීමට පෙර සියලු සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ පිළිබඳව කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ චීන ආධාර යටතේ මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි තොගය එළඹෙන අගහරුවාදා නිල වශයෙන් භාරගන්නා බවයි.

මේ අතර පාසල් පෙළපොත් බෙදාදීම ද 03 වන පාසල් වාරය අවසන්වීමට පෙර සිදුකරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළා.

රෂිකා හෙන්නායක