*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ගෝඨාභයට දෙන්න නියමිත නිල නිවසෙන් මහින්ද ගියත් යෝෂිත යතුරු භාර නොදෙයි !

පසුගිය අරගල සමයේදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් රටින් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිට යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාට පදිංචි වීම සඳහා බුලර්ස් පාරේ පිහිටි රජයේ නිල නිවාසයක් ලබාදුන්නේ තාවකාලික පදනම යටතේ ය. හිටපු ජනාධිපතිවරයකු ලෙස ඒ මහතාට නිල නිවසකට හිමිකම් ඇති අතර ඒ අනුව ඒ මහතාට ලබාදීමට නියමිතව තිබුණේ මංගල සමරවීර මහතා අමාත්‍යවරයකු වශයෙන් සිටියදී භාවිතා කළ ස්ටැන්මෝර් චන්ද්‍රවංකයෙහි පිහිටි නිල නිවසයි.

එසේවෙතත් ඒ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබුණු කොළඹ 07, විජේරාම මාවතේ නිල නිවසෙහි අළුත්වැඩියා කටයුත්තක් සිදුකරමින් පැවති නිසා ඒ මහතා පදිංචිව සිටියේ පෙරකී ස්ටැන්මෝර් චන්ද්‍රවංකයෙහි නිල නිවසේ ය. විජේරාම නිල නිවසේ අළුත්වැඩියා කටයුතු සම්පූර්ණ වූ පසුව මහින්ද රාජපක්ෂ මහතා එහි පදිංචියට යාමටත් ස්ටැන්මෝර් චන්ද්‍රවංකයෙහි නිවස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදිංචියට ලබාදීමටත් එකඟතාවක් ඇතිවී තිබිණි.

නමුත් මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා යළි විජේරාම නිල නිවසේ පදිංචියට ගොස් මාස දෙකක් ගතවී ඇතත් තවමත් ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ නිවසේ යතුරු භාරදී නොමැති බව ආරංචිමාර්ග සඳහන් කළේය. එම නිල නිවසේ යතුරු රජයට භාර නොදී ළඟ තබාගෙන සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ විසින් බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද එම නිවසේ යතුරු රජයට භාරදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එහි පදිංචියට යාමට ඉඩ සලසන ලෙස පවසා ඇතත් යෝෂිත රාජපක්ෂ ඒ නොතකා එම යතුරු තමන් සන්තකයේ තබාගෙන සිටින බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා අවසන් වරට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේ යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුර අහිමි වීමත් සමග යෝෂිතගේ තනතුරත් අවසන් විය. එසේ හෙයින් යෝෂිත රාජපක්ෂ රජයේ නිල නිවාසයක යතුරු බලහත්කාරයෙන් තමන් සන්තකයේ තබාගෙන සිටින්නේ කවර පුළුවන්කාරකමක් යටතේද යන්න ප්‍රශ්නයකි. එසේම යෝෂිතට එරෙහිව රජය නීතිමය පියවර නොගන්නේ මන්ද යන්න ඊළඟ ප්‍රශ්නයයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan