ශ්‍රී ලංකාවටත් හරිත ගිණුම්කරණය අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මේ වන විට ඉන්දුනීසියාව වැනි රටවල් හරිත ගිණුම්කරණය සිදුකරන බවත් එය නිශ්චිතවම ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ හරහා රටේ තිබෙන ජාතික වශයෙන් වැදගත් වන පාරිසරික සහ වනජීවී සම්පත් පිළිබඳව නිශ්චිත ගණනයක් ලැබිය හැකි බවද ඒ මහතා පවසයි.

ඒ හරහා එක් අතකින් රටේ පාරිසරික සහ වනජීවී සම්පත් ගණනය වීමක් සිදුවන බවත් අනෙක් පැත්තෙන් මූල්‍යමය අගයක් ඒ පිළිබඳව වන බවත් ඒ මහතා සඳහන් කළේය.

දළ දේශීය නිෂ්පාදනය ගණනය කිරීමේ නිර්නායක වලදී පරිසරයට සිදුවන විනාශය පිළිබඳව ගණනය කිරීමක් සිදු නොවන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා එය ද සිදු කළ යුතු බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඒ මහතාගේ සංකල්පයක් ලෙස සමගි ජන බලවේගයේ “හරිත ව්‍යාපෘතිය – Project Leopard” ව්‍යාපෘතිය හරහා “ලෝක වනජීවී දිනය” නිමිත්තෙන් යාල සුභ සාධක හා අන්‍යෝධාර සමිතියට ජල පෙරණ යන්ත්‍ර 10ක් සහ රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පෙරේදා (03) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...