*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

සීනිගම වොලිබෝලයට එළිය වූ ඕස්ට්‍රේලියානු දඟ පන්දුව නිවි යයි

අපට බොහෝ විට වැඩිපුර මතක හිටිනේනේ වැරදිය.ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් ගැන ලාංකේය ජනතාවට ඇත්තේ ද හොඳ මතකයක් නොවේය.ඒ ඔහු ශ්‍රී ලංකාව අමාරුවේ දැමූ දඟ පන්දු යවන්නෙක් නිසාය.එමෙන්ම ලොව හොදම දඟ පන්දු යවන්නා ෂේන් වෝන් ද මුරලිද යන ප්‍රශ්නය හමුවේ වෝන් යනුවෙන් පවසන පිරිසද සුළු නැත.එක් සමයෙක් වැඩිම කඩුලු වාර්තාවට වෝන් සහ මුරලි අතර දැඬි තරගයක් තිබුණු අතර තරගයෙන් තරගයට එහි උරුමය වෙනස් වෙන අවස්ථා ද තිබිණ.

මේ ලංකාවේ ජන මනසේ පසුමිතුරු හැඟීමක් ඇති කරන වෝන්ගේ ගැටුම් ක්‍රීඩා පිටියට පමණක් සීමා විය.ලංකාවේ නායකයන්ට ද සුනාමි ව්‍යසනය අවදියේ ජනතාවට ලැබුණු දේ කොල්ල කා ගත් බවට චෝදනා එද්දී දකුණු වෙරළ තීරය නඟා සිටුවන්නට පසමිතුරු වෝන් ලංකාවෙ මුරලි හා මිතුරු විය.අන්තර්ජාතික වශයෙන් ක්‍රිකට් පිටියේ නමක් දිනා ගෙන සිටි එවකට ක්‍රීඩා කර අය පමණක් නොව ඉයන් බොතම්,කපිල් දේව් වැන්නෝ ද ශ්‍රී ලංකාවට මිත්‍රත්වයෝ සුරත දිගු කළහ.

නැවත ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔවුන් කරන ලද වැඩ කොටසින් විශාල අවධානයක් හිමි වූයේ සීනිගමටය.එහි ද චන්න ජයසේකර වැන්නන්ගේ මඟ පෙන්වීම යටතේ මතු වූ වොලිබෝල් තරු වඩාත් කැපී පෙණින.සීනිගම විමලබුද්ධි යන නම ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ වොලිබෝල් සමඟ බද්ධ වූ නමක් බවට පත් විය.ඔව්හූ ජාතික සූරතාවයන් අනු සූරතාවයන් බොහෝ ආදරයෙන් තුරුළු කරගෙන සුනාමි ව්‍යසනයේ පීඩාවේ කඳුළු පිස ගත්හ.

මේ සඳහා ඔවුන්ට දැවන්ත පහරවල් වොලිබෝලයට එල්ල කළ හැකි පරිදි ඔවුන්ව ඔසවා තැබූවන් අතර ෂේන් වෝන්ද විය.කැපුණු ලාංකිකයන්ට නපුරු ලෙස දැණුන දඟ පන්දුව නැවුණු මිත්‍රශිලි හදවතින් සීනිගම සහ දකුණු ලක මුහුදු තීරයේ මිනිසුන්ගේ හදවත්වල රිදුණු තැන් පිරි මැද්දේය.එසේ සුනාමියෙන් බිඳ වැටුණු ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වැනි තැන් සම්බන්ධයෙන්ද වෝන් ඇතුළු ක්‍රීඩකයෝ සොයා බැලූහ තම්පා වූහ.

සුනාමිය නිම වී වසර හතරක් යන විට සීනිගම වියෝවෙන් තැවුණු සිත්වල හෙට දවසට බලාපොරොත්තුවක් එක් කරන්නට එහි විමලබුද්ධි සිසුවන්ගේ වොලිබෝල්වලට හැකි විය.සීනිගම යන්නම අපේ සිත් තුළ ඇතිවන්නේ අපේ එකිනෙකා කෙරෙහි ඇති කෝන්තර පිරිමසා ගන්නට දෙවියන්ට කොන්තරාත්තු භාර දෙන ස්ථානයක් හැටියට ය.නමුත් සියලු වෛරයන් උතුරා ගැූ සේ සීනිගම මිනිසුන්ගේ වහළවල් පොළවට මුසු කරමින් ජීවිත රැගෙන ගිය සයුරු රළ අහිමි කළ හුළං ගිය ජීවිත නැවත ප්‍රකාති කරන්නට වොලිබෝලයට හැකි විය.

දැලෙන් ඒ මේ අත ගිය පන්දුව ක්‍රීඩකයින් කිහිප පොළක් නොව මුළු වෙරළ තීරයම සතුටේ පතිත කරන තෙක් නොඉවසිලිමත් විය.අවුරදු 12 න් පහළ,14 න් පහළ ලෙස ඒ දරුවෝ වොලිබෝලයේ ජාතික කිරුළ සමීප කර ගන්නට තරම් දිරිමත් භාග්‍යවත් පිරිසක් වූහ.ඒ සතුට දෙන්නට මුල් වූ අඅය අතර සිටි ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම දඟ පන්දු යවන්නෙක් මෙන්ම ආදරණිය මිනිසෙක් වූ ෂේන් වෝන් සිය දිවි සැරිය නිමා කර ඇත.ඒ හෘදයාබාධයකින් ය.

එය එසේ සිදුවන්නටම හැකිය.දේශයක් භුමියක් නැතිව ප්‍රේමය රැකවරණය නැති තැන් හී එය පැල කරන්නට තරම් විසල් හදවතක් ඔහුට තිබිණ.ඉතිං වැඩියෙන්ම වෝන්ගේ ගොදුරු කර ගන්නට තිබුණ අවයවය හදවතම වන්නට ඇත.දැසෙන් යොමන ක්‍රිකට් බැල්මෙන් අවුලුවාන කෝපයට වඩා ගිනිගත් හදවත්වල ගිණි සිසිලු කරන දයාවක්,ආදරයක්,කරුණාවක් සහිතව සිටි ෂේන් වෝන්ගේ ක්‍රිකට් වාර්තා බොහෝ ඇත.එහෙත් ඒවා බොහෝ දෙනෙක් දන්න දේවල්ය.මරණයෙන් පසු කතා කෙරෙන සුලභ මාතෘකාය.නමුත් හදවත නැවතුණු මිනිසුන්ගේ වේදනාව යළිත් පණ ගස්වන්නට ෂේන් වෝන් ට තිබුණු විශාල හදවත නිහඬවීම ඔහුගේ මනුස්සකමේ සුවිසල්කම පෙන්වන්නක් ය.එය දඟ කැවෙන පන්දුවට වඩා තියුණුවට හදවත් පසාරු කරගෙන බහින ආදරණිය මිනිසෙක්ගේ වියෝව ගැන අපේ හදවතට කරුණු කියනවා ඇත.

වෝන් ඔබට ගෞරවණීය ආචාරය!

RM

විපතට පත් ගාලු ක්‍රීඩංගණය නිරීක්ෂනය කරමින්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan