*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

රොඩ්නි මාෂ් ගැන ලාංකේය මතකයක්

සහස්‍රකය උදා වි ගෙවී තිබුණේ දින 15 කි.නැතිනම් එදින 2000 ජනවාරි 15 දා ය.කොළඹ ඛෙත්තාරාම ක්‍රිඩාංගණයේ අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගයකි.කණ්ඩායම් දෙක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවය.ඕස්ට්‍රේලියාවට නායකත්වය දෙන්නේ මයිකල් ක්ලාක් ය.ඔහු පසු කලෙක ඕස්‍රටේලියා ජාතික කණ්ඩායමේ නායකත්වයට ද පත් විය.එකල 19 න් පහළ තරගයට පසුව ඕස්ට්‍රේලියා ජාත්ක කණ්ඩායම නියෝජනය කළ ෂේන වොට්සන්,ෂොන් මාෂ්,නේදන් හර්ට්ස්,ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් වැන්නන්ද සිටියේය.

ඉහත අවුරුදු 19 පහළ තරගයේ කාසියේ වාසිය හිමි වූ මයිකල් ක්ලාක් පළමුව පන්දුවට පහර දුන්නේය.ආරම්භය සුබ නැත.තෙවන කඩුල්ල වැටුණු තැන පන්දුවට පහර දීමට පිවිසි ෂේන් වොට්සන් ඉණිමේ වැඩිම ලකුණුලාභියා විය.ඔහු යම් පිළිවෙලකට ඉණිම දියත් කරමින් සිටිය දි එම තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් දඟ පන්දු යවන්නා වූ රනිල් ධම්මිකට පහරක් එල්ල කරද්දී වොට්සන්ගේ පය මදක් එසැවිණි.තිරණය තුන්වන විනිසුරුට යොමු විය.ඊට අසතුට ප්‍රකාශ කරන්නෙක් ඒ මොහොතේ මාධ්‍ය කුටියේ විය.ඔහු එය තෙවැනි විනිසුරුට දෙන්නට දෙයක් නැති ඒ තරම්ම පහසුවෙන් හඳුනාගත් නොදැවුමක් බව විශ්වාස කරන බවක් පෙන්නුවේය.

ඔහු ජනමාධ්‍ය කුටියේ සිටියාට මේ තරගාවලිය ආවරණය කරන්නෙකු නොවීය.ඔහු රන්ජන් පරණවිතාන ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සඟයන් සමඟ කතා බහකට පැමිණ සිටියේය.නමින් රොඩ්නි මාෂ් වූ ඔහු මේ තත්ත්පරයේත් ලොව පුරා බොහෝ ක්‍රිකට් සුපිරිතමයන්ට අනුව කඩුල්ල පිටුපස සිටි අත් විශිෂ්ඨයා ය.ඒ මොහොතේ අවුරුදු 19 න් පිළේ පුහුණුකරු වූයේ මාෂ් ය.

තෙවන විනිසුරු තීරණය දුන්නේය.ඉතාම සුළුවෙන් එසැවෙන පය නැවත තබන්නට පෙර රෂාන් ක්‍රියාත්මක වන්නේය.දැවී යාම ගැන කණගාටුවක් ආවත් තමන් මෙන් කඩුල්ල පිටුපස අත් ආවරණ පැළඳ සිටින්නා ගැන රොඩ්නි මාෂ්ට සතුටක් ඇති විය.ලකුණු 90 ට සීමා වූ ඕස්ට්‍රේලියානු පිළ දවා නැවත ත්‍රීඩාගාරයට එන ශ්‍රී ලංකා කණ්ඩායමේ රෂාන්ට රොඩ්නි මාෂ් සුබ පැතුවේය.බර අතු නැමෙන සේ අදටත් ක්‍රිකට් ලොව බිහි වූ සුපිරිතම කඩුළු රකින්නා බවට වැඩි දෙනාගේ පිළිගැනීම දිනා ගන්නා රොඩ්නි මාෂ් පරමාදර්ශි චරිතයක් බවට පත්වෙන්නේ ස්වීය දස්කම තරමට ඒ නිහතමානිකම නිසාත් විය යුතුය.

රොඩ්නි මාෂ් කඩුල්ල පිටුපස සිටියේ ඔස්ට්‍රේලියාව බිහි කළ සුපිරිතම වේග පන්දු යවන්නන් සමූහයක් මැද ය.ඒ අතර ඩෙනිස් ලිලී විශේෂ විය.,ලිලීගේ කඩුලු පැස පුරවන්නට වැඩිපුරම දායක වූයේ මාෂ් ය.ඒ වගේම අදටත් බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි ලොව බිහි වූ වේගවත්ම පන්දු යවන්නා යැයි පවසන ජෙෆ් තොම්සන් පන්දු යවද්දී කඩුල්ල පිටුපස විස්කම් පෑවේද මාෂ් ය.මාෂ් ගේ කාලය වේගවත් වන්නට යුහුසුළු වන්නට අවශ්‍යයම කාලයක් වූයේ මේ වේග පන්දු යවන්නන් නිසාය.
මාෂ් කණ්ඩායමට අත්‍යවශ්‍යය මොහොතක පිත්තෙන්ද සිය දායකත්වය දුන්නේය.ඔහු ක්‍රිකට් ලෝකයම ඇඳ බැඳ තබා ගත් විශිෂ්ඨයෙක්ය.සියල්ලන් කැමති කරන සුළු,මවිත කරන සුළු දස්කම් සහිත මේ ක්‍රීඩකයා ගැන, 1970 සිට 1984 දක්වා කාලය තුළ ක්‍රිකට් නරඹන්නෙක්ට අදටක් කියන්න අපූරු දස්කම් මතකයේ ඇති බවට සැක නැත.කුරුල්ලෙක් විලසට දෑත් දෙපසට විහිදා පන්දුව පියෑමු ඒ අපූර්ව මිනිසා යළිත් ඒ අත්තටු නොසොල්වන්නට නිහඬ කර ගෙන ඇත.ඒ නිහඪවීම සම්බන්ධයෙන් ලෝකයම කම්පාවෙන් දුකෙන් සිය හඬ අවදි කරන්නේ පරමාදර්ශි චරිතයක් යනු සීමාවකට අයිති නැති විශ්වීය සම්පතක් බව ලෝකයට දනවමින්ය.

අපූරු වාර්තා රැසක උරුමය සමඟ රොඩ්නි විලියම් මාර්ෂ් සිය දිවි සැරිය නිමා කර ඇත.”රොඩ්” යන නමින් ක්‍රිකට් ප්‍රජාවගේ ආදරණිය ඇමතුමට ලක් වූ මාෂ් ලෝකයේම පුදුම කරවන දස්කම් දැක් වූ ලෙසම ලෝකයේ ඕනෑම දක්ෂයෙක් අභිමුවට ගොස් ඔහුට ගෞරව කරන්නද කිසිඳු බේදයකින් තොරව කටයුතු කළේය.රෂාන් පිළිබඳ ඉහතින් දැක් වූ මතක සටහන එබන්දකි.එහෙත් රෂාන් ඉපදුණේ ශ්‍රී ලංකාවේය ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවේය.ඔහු අවුරුදු 19 න් පහළ කණ්ඩායමෙන් ඉනික්බිති පළමු පෙළ ක්‍රිකට් තරගවලදීද කැපී පෙණින.වරක් පළමුපෙළ තරඝාවලියේ හොඳම ක්‍රීඩකයා ද විය.ඒ සුවිශේෂි පිති හරඹයද පදනම් කර ගෙනය.එහෙත් ඔහු කෙදිනකවත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හෝ ක්‍රීඩා කරන්නට අවස්ථාව නොලද්දේය.

නික්ම යන මාෂ්ට සමුදෙන අතරතුරේම ඔහු විශිෂ්ඨයෙක් කර රැකගත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංස්කෘතිය ද ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.එහි ඇති දක්ෂයාට නිසි තැන පිදීම හේතුවෙන් මාෂ්ට සිය හැකියාවන්ගෙන් ලෝකය කුඩා කර ගන්නට හැකි විය.ඒ තුඩා ලෝකය තුළ විසල් මිනිසෙකුගේ මතකය ඉතිරි කර නික්ම යන රොඩ්,ඔබට සුබ ගමන්!

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan