වෛද්‍යමය අරමුණු සඳහා මරිජුවානා කොස්ටාරිකාවේ අනුමත කිරීමට සූදානම්!

Date:

වෛද්‍යමය අරමුණු සඳහා මරිජුවානා භාවිතය නීතිගත කරන සහ ඒ ආශ්‍රිත කර්මාන්තයන් ට භාවිතය සඳහා වගා කිරීමට අවසර දෙන පනත් කෙටුම්පතක් කොස්ටාරිකාවේ කොන්ග්‍රසය විසින් සම්මත කර තිබේ.

කෙසේ වෙතත් විනෝදාත්මක අරමුණු සඳහා මරිජුවානා වගා කිරීම සහ විකිණීම තවදුරටත් තහනම් වනු ඇත.

එරට ජනාධිපති කාලෝස් අල්වරාඩෝ දින කිහිපයක් ඇතුළත එම පනත් කෙටුම්පත අත්සන් කිරීමට අපේක්ෂිතය.

පනතට සහායපල කරන්නන් පවසන්නේ එය කෘෂිකාර්මික අංශය නංවාලීමට සහ නව රැකියා අවස්ථා ලබා දෙන බවයි.

අඟහරුවාදා ඡන්දයෙන් පසුව, කොස්ටාරිකාව වෛද්‍ය කටයුතු සඳහා මරිජුවානා නීත්‍යානුකූල කර ඇති වෙනත් ලතින් ඇමරිකානු රටවල් රැසක් සමග මේ එක් වේ.

2013 දී මෙමරිජුවානා නීතිගත කළ ලොව ප්‍රථම රට බවට පත් වූ උරුගුවේ හැර සෙසු කලාපයේ බොහෝ ප්‍රදේශවල මරිජුවානා විනෝදාත්මක භාවිතය තහනම් කර ඇත.

කොස්ටාරිකාවේ මෙම නව පනත තුල තනි පුද්ගල වගාව සහ පරිභෝජනය මත සීමාවන් පැනවිය යුතු බවට අදහස් කරමින් එරටජනාධිපති අල්වරාඩෝ මීට පෙර මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට විය.

නමුත් සංශෝධිත නව පනත් කෙටුම්පතට ජනාධිපතිවරයාගේ සහය ලැබී ඇති අතර, එය කොස්ටාරිකාවට විශාල ප්‍රතිලාභයක් වනු ඇතැයි ඔහු කියා සිටි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...