විමල්ගේ චෝදනාව බරපතලයි. බැසිල් ගැන වහාම පරීක්ෂණයක් කරන්න – SJB ජනාධිපතිගෙන් ඉල්ලයි (VIDEO)

Date:

බැසිල් රජාපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඊයේ දින විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශය ඉතා බරපතල හෙයින් වහාම බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

ඒ, අද (05) කොළඹදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මේ වන විට බැසිල් රාජපක්ෂ මහතාට හොරා යැයි පවසන්නේ ඔහු සමඟ එකට සිටි ආණ්ඩුවේ ඇමතිවරු වන හෙයින් එය බරපතල තත්ත්වයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම නිසා දැන් ජනාධිපතිවරයා විසින් වහාම කළ යුත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අණ දී බැසිල් රාජපක්ෂ මහතා ගැන සහ ඔහුගේ අමාත්‍යාංශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම බව හෙතෙම අවධාරණය කළේය.

අද විමල් වීරවංශ මහතා විසින් කරන ලද චෝදනා ඊට පෙර තමන් නියෝජනය කරන පාර්ශවය විසින් පැවසුවද ඒ ගැන එදා එතරම් සැලකිල්ලක් නොදැක්වුවද අද ආණ්ඩුවේම සිටි ඇමතිවරු එම දේවල් පවසමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්

වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...

ලොහාන් විතරමද නරුම, ජනතාව නරුම නැද්ද ?

රාජපක්ෂ යුගයේ පැවති මැතිවරණවලින් ඉහලින්ම ලකුණු ගත්තෙ ලොහාන්ලා. ඒකට හේතුව...

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...