තමා ජනාධිපති ධුරයෙන් එළවා දැමීමේ කුමන්ත්‍රණයට ගෝඨාගෙන් පිළිතුරු!

0
702

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): ‘මාව ජනාධිපති ධුරයෙන් එළවීමේ කුමන්ත්‍රණය’ නමැති ග්‍රන්ථය මාර්තු 7 වැනිදා එළිදැක්වීමට නියමිත බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තවද, තමාව ජනාධිපති ධුරයෙන් එළවා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවද පවසයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ, මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ සෘජු අත්දැකීමක් බවත් , ඒ නිසා මේ කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටත් වැදගත් බවයි.

2024 මාර්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසැල් වලින් මෙම කෘතිය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබාගත හැකි බව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටී,.

WhatsApp Image 2024 03 06 at 14.42.31 5e9f91cb