රනිල් ගැන අපි දන්නවා.ඉක්මණින් ජන්දයට දිනයක් දෙන්න – NPP මැ.කොමිසමෙන් ඉල්ලයි (VIDEO)

Date:

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා මේ වන විට පළාත් පාලන මැතිවරණය සඳහා නීතිමය සහ මූල්‍යමය බාධාවක් නැති අතර මැතිවරණ කොමිසමට ලැබුණු මෙම අවස්ථාවෙන් හැකි ඉක්මණින් ජන්දය පැවැත්වීමට දිනයක් නියම කළ යුතු වන බව ජාතික ජන බලවේගය අවධාරණය කළේය.

අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ටිල්වින් සිල්වා මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව වුවද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජන්දය නොපැවැත්වීමට අදාළ උත්සාහයන් අත්නොහරින හෙයින් ආණ්ඩුවේ කුමන්ත්‍රණවලට කාලය නොදී මැතිවරණය සඳහා ඉක්මන් දිනයක් නියම කළ යුතු වන බවයි.

”රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම කරන්න කිසිම අයිතියක් නැති බව ජනතාවට පේනවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට මේ රටේ ජනවරම ඉවරයි කියල ජනතාවට පේනවා. අපි දන්නවා ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් මේ ජන්දය නොතියන්න තව තව තුරුම්පු ගහන්න පුළුවන්. තව තව කුමන්ත්‍රණ කරන්න පුළුවන්. ඒකට අවස්ථාව දිය යුතු නැහැ. ඒ නිසා මැතිවරණ කොමිසම දැන් තමන්ට ලැබී තිබෙන වාසිදායක තත්ත්වය මත තීරණයක් ගැනීම කළ යුතු වෙනවා. එය ඔවුන් නොසලකා හැරියොත් වෙන්නේ අධිකරණ තීන්දුවක් නොසලකා හරිමින් අධිකරණයට අපහාස කිරීමත් එක්ක දඬුවම් විදින්න. ඒ නිසා දැන් කළ යුතුව තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව පුළුවන් තරම් ඉක්මණින් දිනයක් ප්‍රකාශයට පත්කරන එක.” යනුවෙන් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැගෙනහිර ආදායමෙන් ලංකාවම ගොඩදාන්න ඇමති හඳුන්නෙත්තිට තවත් තනතුරක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික්...

ඇත්තටම ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරද?

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

ලෝව ජීවත්වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයේ...

ඇන්ජි…

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස් නික්ම යයි.ඒත්...