පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කරමින් විදෙස් රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ (05)දිනයේදී විරෝධතාවයන් පවත්වනු ලැබූ අතර, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය ඇතුළු රටවල ජාතික ජන බලවේගය පක්ෂයට සහය දක්වන ලාංකිකයින් විසින් මෙම විරෝධතාවන් සංවිධානය කර තිබුණා.
එහිදී උද්ඝෝෂකයින් කියා සිටියේ ශ්‍රි ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා නොගෙන පළාත් පාලන මැතිවරණය පැවැත්විමට කටයුතු කරන ලෙසයි.
රටේ ජනතාවගේ ඡන්ද බලය නොමැතිව රට පාලනය කරන බවත්, රට තරුණ පරපුරකට භාරදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට රටේ පාලකයින් පියවර ගත යුතු බවයි උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස වැඩිදුරටත් සඳහන් කර සිටියා.
රෂිකා හෙන්නායක