“මිනිස්සුන්ට ආරාධනා කරන්න ඕනේ ධනාත්මකව සිතන්න”

Date:

“අරමුණ” සම්මන්ත්‍රණ මාලාව වෙත එක්වෙමින් දිලිත් ජයවීර මහතා, තම අදහස් පළ කළේය. එහිදී, මේ රටට ඩොලර් එවන්න එපා, මේ රට ගොඩගන්න බැහැ කියලා කියන අයත් අපි දැඩිව ප්‍රතික්ෂේප කළ යුතු පිරිසක්, සෘණාත්මකව සහ බහුතරය හිතන්නේ ධනාත්මකව බව ඔහු පවසයි. සමාජ මාධ්‍ය මගින් මේ බහුතරයේ මතය සමහරවිට යටපත් වෙන බවක් දකින්නට ලැබුණා. ඉතින් අපි උත්සාහා කළේ මේක අනිත්පැත්ත හරවන්න යැයි පවසයි.

ගොඩනැගෙන ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා නිර්මාණාත්මක ව්‍යවසායකත්වයකට ශ්‍රී ලාංකිය ජනතාව යොමු කිරීම අරමුණු කරගත් “අරමුණ – හොඳ පිට හරවමු” දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් ඊයේ (05) මතුගමදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

“මේ පෞද්ගලික අංශය තමයි ව්‍යවසායකත්වය. මේ ව්‍යාපාරිකයින් මේ සමාජීය දේශපාලනික ක්‍රියාවලියට සක්‍රියව දායක විය යුතුයි. මේ දැඩ් පීඩාකාරි පොලී අනුපාතය කිසිම ව්‍යාපාරයකට දරාගන්න බැහැ. මේ සමාගම් තව මාස කිහිපයකින් වැසීගියොත් පුදුමයට කරුණක් නෙවෙයි. ඔබ වෙනුවෙන් අප සංවිධානයක් ලෙසත් අපි විශාල බලපෑමක් කරමින් ඉන්නවා. මේ පිළිබඳව වහා තීන්දු තීරණ ගැනීමට.”

“මේ මිනිස්සුන්ට ආරාධනා කරන්න ඕනේ ධනාත්මකව සිතන්න. මේ රට දාලා යන්න නොවේ. මේක දාලා යන්න ඕන රටක් නොවෙයි. මේ ඩොලර් වලින් විතරක් සතුට එන්නේ නෑ. සතුට එන්නේ අපේ අම්මා තාත්තා එක්ක අපි ඉන්නකොට. අපේ දරු මල්ලොත් එක්ක එකට ඉන්නකොට. අපේ මිත්‍රයොත් එක්ක අපි ඉන්නකොට.”

“ඒ වගේම මේ රටට ඩොලර් එවන්න එපා, මේ රට ගොඩගන්න බැහැ කියලා කියන අයත් අපි දැඩිව ප්‍රතික්ෂේප කළ යුතුයි. සුළු පිරිසක් හිතනවා සෘණාත්මකව. බහුතරය හිතන්නේ ධනාත්මකව. සමාජ මාධ්‍ය මගින් මේ බහුතරයේ මතය සමහරවිට යටපත් වෙන බවක් දකින්නට ලැබුණා. ඉතින් අපි උත්සාහා කළේ මේක අනිත්පැත්ත හරවන්න.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...