නව අමෙරිකානු තානාපතිනිය සහ අගමැති අතර හමුවක්

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය අතර හමුවක් අද (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙරට අමෙරිකානු තානාපති ධුරයට පත්වීමෙන් පසු ජුලී ජේ. චන්ග් මහත්මිය අග්‍රාමාත්‍යතුමා හමුවීමට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකාව සමඟ පවතින දේශපාලන සමාජයීය හා ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කරමින් එම සබඳතා දියුණු කිරීමට තමන් උත්සාහ දරණ බව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් මහත්මිය මෙහි දී අවධාරණය කළාය.

කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උපකාර කරන බව පැවසූ ජුලී ජේ. චන්ග් මහත්මිය මෙරට බලශක්ති හා සංචාරක ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම සඳහා සහය වන බවට විශ්වාසය පළ කළාය.

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ඒ අයුරින්ම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව පැවසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව ධුරයේ කටයුතු සාර්ථක කර ගැනීමට ජුලී ජේ. චන්ග් මහත්මියට මෙහි දී සුබ පැතුම් එක් කළේය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහත්වරු ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...

5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ඊයේ(18) දින...

වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : සීදුවූ ආපදාවත් සමග...