නව අමෙරිකානු තානාපතිනිය සහ අගමැති අතර හමුවක්

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය අතර හමුවක් අද (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙරට අමෙරිකානු තානාපති ධුරයට පත්වීමෙන් පසු ජුලී ජේ. චන්ග් මහත්මිය අග්‍රාමාත්‍යතුමා හමුවීමට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකාව සමඟ පවතින දේශපාලන සමාජයීය හා ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කරමින් එම සබඳතා දියුණු කිරීමට තමන් උත්සාහ දරණ බව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් මහත්මිය මෙහි දී අවධාරණය කළාය.

කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උපකාර කරන බව පැවසූ ජුලී ජේ. චන්ග් මහත්මිය මෙරට බලශක්ති හා සංචාරක ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම සඳහා සහය වන බවට විශ්වාසය පළ කළාය.

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ඒ අයුරින්ම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව පැවසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව ධුරයේ කටයුතු සාර්ථක කර ගැනීමට ජුලී ජේ. චන්ග් මහත්මියට මෙහි දී සුබ පැතුම් එක් කළේය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහත්වරු ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...