ආණ්ඩුවෙන් හෝ පොහොට්ටුවෙන් වෙන්වීමේ තීරණයක ශ්‍රීලනිපය නෑ – ඇමති දයාසිරි

Date:

ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයකට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව වෙනම මැතිවරණවලට තරගවැදීමේ හෝ තීරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් එළඹ නොමැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ප්‍රශ්නය – යෝජනාවක් ආවාද එහෙම පොහොට්ටුවෙන් තරග කරන්නෙ නෑ කියලා ඉදිරියේදී ?

“නෑ ඉතින් විවිධ යෝජනා ආවා ඉතින් … අපේ බහුතර පිරිසකගේ විවිධ මත ගණනාවක් තියෙනවා. ඒක හින්දා ඒක ඡන්දයක් ආපුවාම තීරණය කරන්න ඕනෙ කාරණයක්. දැන් කියන්න බෑ”

ප්‍රශ්නය – මේ තියෙන තත්වය අනුව ශ්‍රීලනිපය තවදුරටත් රජයත් සමග සිටිනවාද ? මොකක්ද අලුත්ම තත්වය ?

“තාම ඉතින් ඉන්නවානෙ, ප්‍රශ්නයක් නෑනෙ …”

ප්‍රශ්නය – යන්න කැමැත්තක් නැහැ ?

“මධ්‍යම කාරක සභාවෙ තීන්දුවක් අරගෙන තමයි ඒ තීන්දුව ගන්න ඕනෙ. දැනට එහෙම තීන්දුවක් අරගෙන නැහැ. තවම ආණ්ඩුවත් එක්ක අපි වැඩකටයුතු ටික කරනවා”

ප්‍රශ්නය – ආණ්ඩුවෙ සමහර මැති ඇමතිවරුන්ගෙන් දැඩි විවේචන එනවා ඔබතුමාලාගෙ නායකතුමාට ?

“ඔයිට වැඩිය ප්‍රශ්නවලට මෛත්‍රී ජනාධිපතිතුමා මුහුණ දීලා තියෙනවා. ඔය එක එක්කෙනා බනින එක ඉතින් සාමාන්‍ය කාරණයක් නෙ. බැනුම්වලට ප්‍රතිචාර දක්වන්න හොඳ නෑ. බැනුම්වලට හිනාවෙලා ඉන්න ඕනෙ”

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (05) කොළඹදී පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...

හිටපු නාවික හමුදාපති උළුගෙතැන්න යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන්...

වෘත්තීය කිමිදුම්කරුවන්ටත් රක්ෂණයක්!

කොළඹ LNW:ජිවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා...

අනුර කුමාරටත් සිහිනයක් තියෙන්න ඇති. මටත් අවස්ථාව ලැබුණොත් ජනාධිපතිවරණයට එනවා – නවින්

කොළඹ LNW:ජනාධිපති ධූරය වෙනුවෙන් තමන්ට සුදුසුකම් ඇති බවට විශ්වාස...