*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

වෝන් ගේ සංස්කෘතියෙන් අපට Warning

ක්‍රීඩකයෙක් කියන්නෙ කොයි වගේ කෙනෙක්ද?ඔහුට මිනිස්සු ආදරය කරන්න ඹ්නි කොහොමද?
ෂේන් වෝර්න්ගෙ නික්ම යාමෙන් පස්සෙ එතැන ඇති වෙන අලුත් කතා බහ මං හිතන්නෙ ක්‍රීඩාවේ සංස්කෘතිමය කියවීම ගැන අලුතින් හිතන්න කරන පෙළඹිමක්.

වෝන් කියන්නෙ අපූරු ක්‍රීඩකයෙක්.විශිෂ්ඨයෙක්.පරමාදර්ශයක්.ඔහු ක්‍රිකට්වලින් අපිව පිනෙව්වා.ඔහු ක්‍රිකට් වෙනුවෙන් මහන්සි වුණා.ඒත් කවුරුත් ඔහුට ඔහුගේ පෞද්ගලික රුචි අරුචිකම් ක්‍රිකට් බලන අයගෙ ඇදහිළි- විශ්වාස සහ කැමත්ත ඇතුව කරන්න කියලා කිව්වෙ නැහැ.වෝර්න්ගේ නිදහසට ඔවුන් ගරු කළා.ඔහු ඒ නිදහස භාවිතා කරපු හැටියට ප්‍රතිවිපාක විඳින්නට වෝන්ට සිඳු විය.ඒ ඔහුගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ඔහුට ප්‍රිය කළ ක්‍රිකට් ලෝලීහු කම්පා වූහ.නමුත් පුරවැසියෙක් හැටියට ඔහුට ජීවිතය විඳින්නට තියෙන අයිතිය වෝන් වෙත ඇති බව ඔවුහූ පිළිගත්හ.ඒ ඔහුගේ කැමත්තය.

කිසිවෙක් වෝන් තමන් මෙන් සිතා කටයුතු කරන බවක් නොසිතූවේය.තමන් ක්‍රීඩාවෙන් සතුටු කිරීම සඳහා තමන්ගේ රටට අභිමානය නො විට ඒ සතුට භුක්ති විදීමට වෝන් ඔහුගේ කැමති ජීවිතය අත් හළ යුතු බවට කිසිඳු තර්කයක් නො’ආවේය.එය කණ්ඩායම් සඟයන් ද නොසිතුවේය.ඔහු කැප වී පුහුණු වෙයි.හොඳින් තමන්ට පැවරෙන වගකීම ඉටු කරයි.ඒ ඔහු විඳින නිදහස සහ ජීවිතය විසින් ඇති කරන මානසිකත්වය නිසාය.කිසිදු ක්‍රීඩකයෙක් ඔහු තරගයක් නිමාවේ පසෙකට වී බියර් තොලගෑම හෝ දුම්පානය කිරීම ප්‍රශ්න කරගත්තේ නැත.ප්‍රේක්ෂකයෝ ක්‍රීඩා ලෝලීහු ඒවා ගැන කළකිරී වෝන් විරෝධයක් ගොඩ නො’නැඟූහ.

සමහර ක්‍රීඩකයින් දක්ෂ වුවත්,පොදු සංස්කෘතිමය වට පිටාවකින් දුර්වලයන් වූ විට ප්‍රශ්න එන්නේය.ඇතැම් විට ක්‍රීඩාව තුළම තම සහෝදර ක්‍රීඩකයින්ම මේ දුර්වලකම්වලින් පාර කපා ගන්නට ඉඩ ඇත.උදාහරණයකට සිය සඟයන් කවුරුන් හෝ ඒ දුර්වල සංස්කෘතිමය ලක්ෂණ ඇතුළේ පීඩාවට පත් කර අභියෝග ඈත් කරන්නට අවශ්‍යය වූ විට ඔවුන්ගේ ක්‍රියාකාරකමක් ගැන පිටතට ඔත්තුවක් දෙන්නට ඉඩ ඇත.ඒ සිඳුවීම ජාතික ප්‍රශ්නයක් වී සදාචර බැම්මේ ගසා ඔවුන්ව කුඩු කරන්නට බලා සිටින අයට එය අපූරු අවස්ථාවක් වනු ඇත.

වෝන්ගේ ජීවිතය ඔහුට දෙන්නට ක්‍රීඩාලෝලීත්වය මරණයෙන් මතු ද ප්‍රාර්ථනා කරන්නේය.ඔහු ඔහුට රිසි පරිදි ජීවිතය විඳිය යුතුය.මෙල්බර්න් නුවර වෝන් පිළිරුව අසළ තැන්පත් වන මල් කළඹවලට සරිලන සේ ඔහු කැමති බියර් ද එහි තැන්පත් වන්නේය.මේ අපේ සංස්කෘතියේ ද අමුතු දෙයක් නොවේය.මළවුන් සම්බන්ධයෙන් කරනු ලබන පුද පූජාවලදී සකස්වන පෙරේත තට්ටු ආදියට මිය ගිය තැන්ත්තා කැමතිම දේ තැබීම සාමාන්‍ය තත්ත්වයකි.සමහර විට අරක්කු වීදුරුවක්,සිගරට් එකක් තබනු අපි දැක ඇත්තෙමු.වරෙක ගංජා සුරුට්ටුවක් ද එවැනි දානයකට තැබූ අයුරු මම දැක ඇත්තෙමි.

වෝන්ගේ මෙල්බර්න් පිළිමය මළවුන් පුදන හැටි සහ අපි මළවුන් සම්බන්ධයෙන් පුද පූජා පවත්වන හැටියේ ද යම් සමානකමක් තිබෙන බව පෙනේ.ඒත් ජීවත්ව සිටියදි තමන් කැමති විදිහට ජීවත්වෙන්න නොදී එයට අංචි ඇදීම අපේ බොහෝ අයගේ සිරිතය.තමන් කැමති වෙන්නේ තමන් කැමති විදිහට ජීවත්වෙන්න කියා බලපෑම් කරන සංස්කෘතිය බරපතල වරදක්ය.ඔහුට හෝ ඇයට ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවයට වටිනාකමක් නිදහසක් දෙන්න බැරිකම අපේ සංස්කෘතික දුප්පත්කමක්ය.

ඒ නිසා වෝන්ගේ පිළිමය අසළ තැබෙන බියර් තබන්නට මැරෙන තෙක් නොසිට ජීවත්වෙද්දී,ඒ ජිවිතවල නිදහසට ආදරය කරන්න ගරු කරන්න පුරුදු වීම වැදගත්ය.ඒක දියුණු සංස්කෘතියක හැඩයක්ය.නමුත් මෙහි අරුත කුඩු ගහන්න දෙන්න යැයි ඉල්ලීම නොවේය.නීතියට යටත්ව සිඳුවෙන දේ සදාචාර ලෙස පිළිගැනීම වැදගත්ය.එය අපේ පෞද්ගලික රුචිකත්වයන්ගෙන් බෙදා වෙන් කරන විට කෙනෙකුගේ නිදහස කුඩා වන්නේය.නැත්නම් අහිමි වන්නේය.ඔහු අප කැමති අපේ කූඩුවේ සිටින සුරතල් කුරුල්ලා කරගත් විට ඌ අහසේ අත්තටු ගසන හැටි දකින්නට විඳින්නට නොහැකි වනු ඇත.කුරුල්ලන්ගේ අන්‍යයතාවය පියඹීමය.එය හැඩට කරන විට අපූරුය.

ඉතිං ඇයි අපි උන්ව කූඩුවේ දාගන්නෙ?අපි අපගෙන් අසා ගනිමු!

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan