විමල්ට, ගම්මන්පිලට ජීවිත තර්ජන ? අගමැතිගේ නියෝගයෙන් තවදුරටත් කැබිනට් ඇමතිවරයෙකුට සමාන ආරක්ෂාවක් !

Date:

කැබිනට් ඇමති ධුර අහිමි වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, කැබිනට් ඇමතිවරයෙකුට ලබාදෙන මට්ටමේ ආරක්ෂාවක් සඳහා තවදුරටත් හිමිකම් කීමේ අවස්ථාව හිමිව තිබෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙන්නේ අදාල මන්ත්‍රීවරුන් දෙදෙනොට මෙතෙක් ලබාදුන් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන ලෙසයි.

ඇමති ධුර අහිමි වූ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ආරක්ෂාව අඩු කිරීමට තීරණය කර තිබූ අතර කෙසේ නමුත් අගමැතිවරයාගේ නියෝගයට අනුව ඔවුන්ට ලබාදෙන ආරක්ෂාවේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇත.

සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව හිමිවන අතර කැබිනට් ඇමතිවරයෙකුට, ඇමති ආරක්ෂක සේවයේ නිළධාරීන්ගේ ආරක්ෂාවට හිමිකම් කීමට හැකියාව තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...