සමඟිය බලය වේ

Date:

පවුලක් වශයෙන් දරුවන් , දෙමාපියන් ඇතුළු සාමාජිකයන් එකට එකතු වී කටයුතු කරන්නේ එම පවුලේ දුක සැප ඇතුළු සෑම දෙයක්ම එකට බෙදා හදාගෙන කටයුතු කිරීමටයි . එහෙත් පවුල වූ කලී විශාල වගකීමකි. එම සාමාජිකයන් අතර වූ විශ්වාසය බැඳීම කිසිවිටක කැඩී බිඳී යා නොහැකිය . වංචාවකින් තොර බැඳීමක් විය යුතුයි.

තම ගැටලුවක් අඩුපාඩුවක් තිබේනම් එය සෑම දෙනාම එකට එකතු වී සාකච්ඡා කර විසඳුමක් ලබා ගත යුතුය.

පවුලේ ගිනි පිටතට නොදිය යුතුය . පිටත ගිනි පවුලට නොගත යුතුය . පවුලේ වැඩිහිටියන්ට ගරු කල යුතුය. දෙන උපදෙස් පිළිපැදිය යුතුය . අඩුපාඩුවක් වේ නම් පෙන්වා දිය යුතුය .
එසේ නොමැතිව පවුල තුළ සිටිමින් එය කඩා බිඳ දැමීමට කුමණ්ත්‍රණ කරුවන්ට සහය වීම පවුලේ විශ්වාසය බිඳ දැමීමකි . එම විශ්වාසය කඩා බිම දමන්නන්ට තව දුරටත් එම පවුල තුළ සිටිය නොහැකිය . සිටීමට ඉඩ ලබා නොදිය යුතුය .

එකට එකතු වන කණ්ඩායමක් තුළ ද තිබිය යුත්තේ එකම අරමුණක් සහ එකම විශ්වාසකි. වංචාවෙන් කටයුතු කරන අයෙකුට කණ්ඩායම තුළ සිටීමට වරම් නැත.

වර්තමාන රජය බලයට පත් වූයේ එකමුතුකම හරහා රට ඉදිරියට ගෙන යාමටයි. එහෙත් පිටතට පැනීමට දෙපා දෙපැත්තේ තබාගෙන සිටින්නන්ට කණ්ඩායම තුළ කිසිදු ඉඩක් නොමැති බව සිහියේ තබා ගත යුතුය .

රජයේ සිටිමින් ඉටු කරන්නේ විපක්ෂයේ කාර්‍යභාරය නම් ඔවුන්ගෙන් විනයක් මිස රටට සහ රජයට කිසිදු සෙතක් සිදුවන්නේ නැත.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...