මගී බස්වලට ඩීසල් දුන්නෙ ඩිපෝ 03 කින් විතරයි, වැඩේ සම්පූර්ණ අසාර්ථකයි – බස් ගැමුණු

Date:

මගී බස්රථ ධාවනය සඳහා අවශය ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් හෙට දිනයේදීද ධාවනය කළ හැක්කේ සමස්ත බස්රථවලින් 25% ක් පමණක් බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. රාත්‍රී කාලයේ බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිටිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

දිවයින පුරා දෛනිකව ධාවනය වන සමස්ත මගී බස්රථ ප්‍රමාණය 5000 නොඉක්මවන අතර ඩීසල් අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් එම බස්රථ ද ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවන බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.

ඩීසල් අර්බුදය විසඳා ගැනීම සඳහා ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස්රථවලට ඩීසල් නිකුත් කිරීමට තීරණය කර තිබූ අතර ඒ සඳහා රටපුරා පිහිටි ලංගම ඩිපෝ 50 ක් නම්කර තිබිණි. කෙසේ නමුත් එම වැඩපිළිවෙලද අසාර්ථක බවයි ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

ඩිපෝ 50 කින් ඩීසල් නිකුත් කරන බව බළධාරීන් ප්‍රකාශ කළද ඊයේ දිනයේදී ඩීසල් නිකුත් කර තිබෙන්නේ ඩිපෝ 03 කින් පමණක් බවද ඔහු පවසනවා. පෞද්ගලික බස්රථවලට ලබාදීමට නොව ලංගම බස්රථ සඳහාද ඇතැම් ඩිපෝ සතු ඩීසල් තොග ප්‍රමාණවත් නොවන බව විජේරත්න මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...