කොළඹ LNW: අද (07) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ ශානික්යන් රාසමානික්කම් මහතා අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.
දෙදෙනා මුහුණට මුහුණ ගැටුණ අතර රාසමානික්කම් මහතාට මන්ත්රී රෝහිත අබේගුණවර්ධන අගමැතිවරයාගේ නිල කාමරයේදී පහර දීමට තැත් කර තිබෙන අතර ඔහුට තර්ජනය කළ බවටයි රාසමානික්කම් මහතා සභාවේදී පැවසුවේ.
ඉතා දැඩි ස්වරයෙන් රාසමානික්කම් මහතා මන්ත්රී රෝහිත අබේගුණවර්ධනගේ හැසිරීම ගැන චෝදනා එල්ල කරන ලදී.
ASK