අන්තරේ කැඳවුම්කරු මධුෂාන්ට ඇප!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇපමත මුදාහැර ඇත.

ඊයේ (06) බොරැල්ලේදී පැවති විරෝධතාවක් අතරතුරදී අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහු සහ ඊයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් අයෙකු අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙන බව සඳහන් වේ.