හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ සිද්ධිය : අරාජිකත්වයක් කරා යන ගමනේ තවත් මංසන්ධියක් ?

Date:

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට වැඩක් කරගන්ට ගිය පුද්ගලයෙකුගේ ප්‍රචණ්ඩ හැසිරීමක වීඩියෝවක් මුහුණු පොත පුරා පෙනෙන්නට තිබේ..

සේවය අපේක්ෂාවේන් රාජ්‍ය ආයතන වලට යන මිනිසුන් අංගුලිමාලලා බවට පත්කරන අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලංකාවේ පවතින බව සත්‍යයකි.. එසේම ග්‍රාම සේවකගේ සිට ඉහලට ඉන්නා ඇතැම් නිලධාරීන් රාජ්‍යයේ මහේශාක්‍ය බව අසරණ මිනිසුන් හමුවේ පමණට වඩා ඇඟට ගෙන සිටින තත්වයක්ද ඇත.. පැහැදිලිවම රාජ්‍ය සේවයේ ගැටලුවක් ඇතිබව සත්‍යයකි..

හැබැයි මේ කැරකෙන්නේ මීට පෙර දේශපාලනකයන්ට එරෙහිව නැගුනු මහජන වෛරයේ ඊළඟ හැරවුම ද විය හැකියි..

සිද්දිය සම්බන්ද වීඩියෝවට යටින් ෆේස් බුක් ප්‍රජාවගේ ප්‍රචණ්ඩ පුත්ගලයාට පක්ෂව වැටෙන ආවේගකාරී කොමෙන්ට් වලින් රැළ්ල කොයි පැත්තටදැයි මනාව තේරුම් ගත හැක.. ඇත්තෙන්ම මෙය හොඳ තත්වයක් නොවේ..
මෙය රාජ්‍යය අරාජිකත්වයක් කරා යන ගමනක තවත් එක්තරා මංසන්ධියක් ද විය හැකියි.

ආන්ඩු බලය ගත්තද රාජ්‍ය බලය තාම ලැබී නැති බවත් රාජ්‍ය ආයතන තාම ඇත්තේ ප්‍රතිපක්ෂ බලවේග අතේ යැයි ආන්ඩුවේ ඇත්තන් විසින් නිතර දෙවේලේ කරන වක්‍ර ප්‍රකාශ ද මේ තත්වයට හේතුවන්නට ඇත..

ආන්ඩුව ස්වකීය අසමත්බව වෙන වෙන දිසාවන්වලට හරවා යැවීම තුල පැටළුන ලාංකීය දේශපාලන ආර්ථික අවුල තව තව අවුල් ජාලයක් දක්වා යන සෙයක් පෙනේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...