ලංවිම කෝටි 3,874ක් පාඩු ලබයි !

පසුගිය (2025) වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 38,740ක (කෝටි 3,874ක) අලාභයක් වාර්තා කර තිබෙනවා. අවසන් කාර්තුවේ අලාභය පමණක් රුපියල් මිලියන 29,160ක්. පෙර (2024) වසර තුළ ලංවිම විසින් රුපියල් මිලියන 141,605ක ලාභයක් වාර්තා කර තිබුණා.

අනෙකුත් පිරිවැය අඩු කරන්නට පෙරම රුපියල් මිලියන 26,163ක මෙහෙයුම් අලාභයක් වාර්තා වී ඇති තිබෙන්නේ පෙර වසරේදී ලංවිම විසින් රුපියල් මිලියන 109,910ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි. මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ වසරේ අලාභය එකතු වීමෙන් පසුව ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 462,541 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලංවිම විසින් පසුගිය වසර ඇතුළත මෙවැනි පාඩුවක් වාර්තා කර තිබෙන්නේ මෑතකදී සිදුව ඇති ගල් අඟුරු ගණුදෙනුවේ පාඩුව එකතු වීමට පෙරයි. එම ගණුදෙනුවේ පාඩුවේ බලපෑම මෙන්ම, ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමේ ඉඩකඩද නිසා මෙම වසරේ ලංවිම පිරිවැය තවත් ඉහළ යා හැකි බව පැහැදිලියි. ඒ අනුව, මෙම වසර තුළ සැලකිය යුතු විදුලි ගාස්තු ඉහළ යාමක් සිදු නොවන්නේනම්, ලංවිම අලාභ තවත් ඉහළ යාම නොවැලැක්විය හැකියි.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...