*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දෙ’රටක ඉරණම සමඟ ශ්‍රි ලංකාව නවසීලන්තය සමඟ තරගාවලියට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට තව දින දෙකකි.ක්‍රිකට් ලෝකයම ඒ දෙස බලා සිටින්නේ මෙම තරගාවලිය ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලියේ අවසාන තරගය සඳහා ඕස්ට්‍රේලියාවට එරෙහිව මුහුණ දෙන්නේ කවුරුන්ද යන්න තීරණය කරන බැවිනි.මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එම අවසාන තරගය සඳහා තමන්ම සහභාගි වෙනවා ද නැතිනම් එම අවස්ථාව ඉන්දියාවට දෙනවාද යන්න තීරණය කිරීමේ වගකීම පැටවී ඇත.

මෙම තරගාවලියේ කණ්ඩායම් දෙකකම ඉරණම කුමක්ද යන්න විසඳෙන්නේ ශ්‍රී ලංකාවේ තරග රටාව අනුවය.ඒ නිසා යම් පීඩනයක් ඇත්නම් කණ්ඩායම් දෙකෙන් එය වැඩිපුර බලපාන්නේ ශ්‍රී ලංකාවට යන්න අප පිළිගත යුතුය.2017 වසරේ සිට මව්බිමේ දී තරගාවලි ජයග්‍රහණ සම්බන්ධ වාර්තා පිරික්සන විට නවසීලන්තය අපරාජිතව සිටින්නේය.එසේම අවසාන මොහොතේදි ටෙස්ට් වංශ කතාවට එක්වන අපූරු ජයග්‍රහණයකින් එංගලන්තය එක් ලකුණකින් පරාජය කිරිමෙන් ඇති වූ විශ්වාසයද ඔවුන් සතුව ඇත.ඒ හුස්ම ඉවතට හෙළන්නටත් ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව සමඟ තරග කරන්නට ලැබීමේ වාසිය අත් නොහැරීමට නවසීලන්තය තදින් උත්සාහ ගන්නවා සැක නැත.
විශේෂයෙන්ම පසුගිය කාලයේ එතරම් විශ්වාසයකින් ලකුණු අතර නොසිටිය කේන් විලියම්සන් ලකුණු අතර සිටින අලුත් පිතිකරුවන් හා ලකුණු සමඟ යළි එකතු වීමට එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී සමත්විම ශ්‍රී ලංකාවට බලපානු ඇතැයි සිතිය හැකිය.අතිරේක පන්දු යැවීමේ හැකියාව ඇති පිතිකරුවන් සේ හැඳින්වෙන නවසීලන්ත සංචිතයට කඩුලු රකින්නන් තිදෙනෙක්ම ඇතුළත්ව ඇත.බොහෝ ක්‍රීඩකයින් තුන් ඉරියව් හැකියාවන් සහිත අය බැවින් නවසීලන්තයට වරින් වර වෙනස් කරන්නට සහ අත්හදා බලන්නට තුරුම්පු කිහිපයක් ඇත.
ප්‍රභාත් ජයසූරිය වැනි අඩු තරග අත්දැකීම් තිබුණත් වාර්තාගත ටෙස්ට් දඟ පන්දු යවන්නෙක්ට මුහුණ දීමට ඔවුන් විශාල අවධානයක් යොමු කර තිබෙන බව සැක නැත.ඒ නිසා ඔහුගේ අනතුරෙන් වැළකීම සඳහා නවසීලන්තය ගත හැකි ප්‍රධානම කාරණය තණතිල්ල ලෙස සළකනවා නිසැකය.ඒ අනුව වේග පන්දුවට අතිශයින් සුදුසු තණතිලි නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහි තරග සඳහා යොදා ගන්නවා නිසැකය.

පන්දු යැවීමේ බලය සහිත නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු රැක ගැනීම වැදගත්ය.විශේෂයෙන්ම තරගයේ පරිසරයට නොව බූමියේ පරිසරයට හැඩ ගැසීම සඳහා රඳැල්ලේ ලද පුහුණුවේ වාසිය මෙහිදි උපරිමයෙන් නෙලා ගන්නට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතුය.ඒ නිසා ශරීරයට දැනෙන අපහසුතාවයෙන් මනසට වෙන බලපෑම අවම කර ගන්නට ශ්‍රී ලංකාවට ලැබුණ වාසිය පිතිකරුවන්ට සංයමයෙන් සහ විශ්වාසයෙන් පිත්ත හැසිරවීමට යම් ආකාරයක උපකාරයක් කරනු ඇතැයි සිතිය හැකිය.
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිටින ලකුණු බහුලම පිතිකරුවා වන නිශාන් මධුශ්කට මේ සංචාරයේ අතිරේක ක්‍රීඩකයෙක්ව කඩුල්ලේ රැදී සිටින්නට සිඳුවනු ඇත.ඔහු තරගයට යොදා ගැනිමේ අදහසක් තිබුණේනම් ඔහුව පුහුණු තරගයේ පරික්ෂාවට භාජනය කරන්න තිබිණ.එය සිඳු නොවිණි.නමුත් පුහුණු තරගයේදී කුසල් මෙණ්ඩිස් සහ ඔෂධ ප්‍රනාන්දු පහසුවෙන් පන්දුවට පහර දුන්නේය.නමුත් සෙසු පිතිකරුවන් එතරම් හොඳින් පිතිකරණයේ යෙදුණු බව කිව නොහැකිය.

හොඳින්ම ලකුණු අතර සිටින මධුශ්කව සමහර විට මේ තරගයේ ක්‍රීඩා නොකර.ක්‍රීඩා කළ අයගෙන් අදාළ අපේක්ෂිත මට්ටමට නොපැමිණි බව සිතෙන අයෙක්ට මධුශ්කට ස්ථානය දෙන්නට ද සිඳු විය හැකිය.නමුත් මධුශ්ක පුහුණු තරගයේදී යොදා ගත්තේනම් වඩාත් යහපත්ය.
විශේෂයෙන්ම මෙම තරගයේ දී ශ්‍රී ලංකාව විශාල බලාපොරොත්තුවක් කසුන් රාජිත කෙරෙහි තැබිමට ඉඩ ඇත.පසුගිය කාලයේ ඔහු කාණ්ඩ තුනේදීම ඉතා හොඳින් පන්දු යැව්වේය.එසේම කසුන්ගේ වේගය සහ දෝලනයන් ගැන ගෙදර වැඩවලදී නවසීලන්තය ද හොඳින් හදාරා ඇතුවාට සැක නැත.කෙසේ හෝ විශාල කාලයකට වරක් ටෙස්ට් තරගයක් ලැබෙන ශ්‍රී ලංකාව මේ තත්ත්වයේ සිටීම ද යහපත්ය.ටෙස්ට් තරග හිඟයක සිටින ශ්‍රී ලංකාවට කාලයකට පසුව වෙනස් අත්දැකීමක් සේ ටෙස්ට් තරග ලැබුණත් ඔවුන් ඒවාට හොඳින් මුහුණ දි ඇත.එසේ නොවන්නට ඔවුන්ට තෙවන ස්ථානයේ සිටින්නට සහ අවසාන තරගය වෙනුවෙන් සුදුසුකම් ලබන්නට තියුණු තරගකාරී අවස්ථාවකට මුහුණ දෙන්න ලැබෙන්නේ නැත.

ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මේ දීර්ඝ විරාමය තුළ අලුත් දේ කණ්ඩායමේ ක්‍රීඩා කෞශල්‍යයන්ට එකතු කර ගෙන ඇත්නම් එය නවසීලන්තයේ හැදීරිමේ විෂය නිර්දේශයෙන් පිට එකක් වනු ඇත.ඒ නිසා නොදන්න් සහ ඉගෙන නොගත් ප්‍රශ්නවලට උත්තර දීම නවසීලන්තයට පහසු නොවනු ඇත.
කෙසේ වුවත් මෙතරම් ලෝකය ඉදිරියේ ටෙස්ට් කණ්ඩායම ඉදිරියට ගෙනවිත් තැබූ නායක දිමුත් කරුණාරත්න සහ කණ්ඩායමට අපි සුබ පතන්නෙමු.ලංකාව තරම් විශ්වාස කරන්න බැරි කණ්ඩායමක් නැති බව ලෝකයේ හැම ක්‍රිකට් කණ්ඩායමක්ම සිතන බැවින් සමහර විට ඉන්දියාව අවසාන තරගයේදී ඕස්ට්‍රේලියාවේ ප්‍රතිවාදීයා වනු ඇතැයි සිතීම දිමුතු ඇතුළ පිරිස බොරු කරන්නට තියෙන ඉඩ සුළු නැත.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan