ගෝපාල්ස්වාමි පාර්තසාරති මහතා සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්

Date:

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු,මාධ්‍යවේදියෙකු,විද්වතෙකු වන ගෝපාල්ස්වාමි පාර්තසාරති මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (06) කොළඹ ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේ දී සිදුවුනා.

ගෝපාල්ස්වාමි මහතා කලක් සයිප්‍රසයේ, ඕස්ට්‍රේලියාවේ සහ පකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අතර, ඔහු ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතාගේ නිල ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළා.

ඔහු දැනට කටයුතු කරන්නේ, ජම්මු මධ්‍යම විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු බලශක්ති අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙසයි.

මෙම හමුවේදී, ශ්‍රී ලංකාව ගොඩනැංවීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය අපේක්ෂා කරන බව කියා සිටි විපක්ෂනායකවරයා, දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව ද සිහිපත් කළා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...