මුළුමහත් නිශ්පාදන ක්‍රියාවලියම ගෝළීය වෙළඳපොලක් ඉලක්ක කරගෙන නරන එකම දැවැන්ත නිශ්පාදනයක්ව පවතින වත්මන් ලෝකය තුල ගෝත්‍ර ආර්ථිකයක් නොවන ඕනෑම දියුණු ආර්ථිකයක් කක්ෂගත කරගත යුතුව ඇත්තේ විවෘතව ආර්ථික සන්ධර්බයක් තුලය. විශේෂයෙන්ම විසිවන සියවසේ ඇතිවූ ධනවාදයේ නිශ්පාදන බලව්වෙගවල සහ සන්නිවේදන තාක්ෂණයේ සිදුවූ දැවැන්ත වර්ධනය විසින් ධනවාදයේ ජාතික සීමාවන් පුපුරුවා හැරින. එහි ප්‍රතිපලය වූයේ ජාතිකවාදී ඉදිරි දර්ශනයක් මත පදනම් වූ පැරණි වාමවාදී හා ජාතිකවාදී දේශපාලන කන්ඩායම් නන්නත්තාර වී යෑමයි.
එහිදී එකී නන්නත්තාරවූ දෙශපාලන මත දැරූ කන්ඩායම් වලට රාජ්‍යයේ පාලන බලය හිමිවූ (ලංකාව වැනි) රටවල් තුලදී මෙකී කන්ඩායම් ඔවුන්ගේ ආර්ථිකය පැරණි ජාතික රාමුවේ සිට ගෝලීය රාමුවක් දක්වා විස්තාපනය කරගත නොහැකි අබාවාචික බංකොලොත් ඉරණකට ඇදදමනු ලැබීය.
නව්‍ය ගෝළීය ධනවාදය තුල නිශ්පාදන ක්‍රියාවලිය පවතින්නේ නිශ්පාදන “විභජන” ක්‍රියාවලියක් ලෙසින්ය. එනම් ඒ ඒ ජාතික බූමියට ගැලපෙන නිශ්පාදන කොටස පමණක් ඒ ඒ ජාතීන් විසින් තෝරාගනී. (එහිදී එකී කර්මාන්තයට අදාල ජාතික ප්‍රාගුණ්‍යයක්ද ඔවුන් තුල රෝපණය වේ). ඊළඟට එකී නිශ්පාදනය ආයාත කිරීමෙන් ලැබෙන විනිමය ආධායමෙන් ඔවුන්‍ට අවශ්‍ය මුළුමහත් දෑ පිටතින් නිර්‍යාත කෙරේ. එසේ නොමැතිව තමාට අවශ්‍ය සියල්ල තමාම හදා වවාගෙන කන ප්‍රාථමික ගෝත්‍ර අස්තානයක දියුණු ජාතීන් පැලපදියම් වන්නේ නැත.(ඇතැම්විට ඔවුන්ගේ සමස්ථ ආර්ථිකයම රැඳී පවතින්නේ නිශ්පාදන ආර්ථිකයකින් පිටත පවතින සේවා ආර්ථිකයක කොටසක් මතද විය හැකිය නමුත් නූතන ගෝළීයකෘත ආර්ථිකයේ අතිමූලික පැවැත්ම රැඳීඇත්තේ එවන් ගෝළීය පරායක්ත තාවයක් තුලමය)
මාක්ස්ට අනුව පවා ධනවාදය එහිගෝළීය කාර්තුව කරා පැමිණි පසු එහි නිශ්පාදන ක්‍රියාවලිය විශ්ව ව්‍යාපී එකක් බවට පත්වන්නේය. මන්ද එය එහි නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගන්නේ ලෝකයේ එක් මහද්වීපයකින්ය. නිශ්පාදනය සිදුකෙරෙන්නේ වෙනත් මහද්වීපයකය. වෙළඳපොල ඇත්තේ තවත් මහද්වීපයකය.
මෙහිදී මා කතාකරන අර්බූදය පැහැදිලි කරගැනීම සඳහා ලංකාව ආශ්‍රයෙන්ම එක් උදාහරණයක් ගන්නේ නම් ලංකාවේ වී වගාව සඳහා පොහොර සහනාදාරය සහ වාරි මාර්ග නඩත්තුකිරීම වෙනුවෙන් රජය විශාල පිරිවැයක් දරයි. නමුත් වී වගාව අවසානයේ ගොවියාටද වගාව පාඩුවේ. එහිදී ගොවියාට විශාල සහණාදාර ප්‍රමාණයක් සැපයූ රජයට නැවත සහතික මිලක් ගෙවා වී අස්වැන්න ගොවියාගෙන් මිලදී ගැනීමටද සිදුවේ. ඊළඟට රජය ගොවියාගෙන් මිලදී ගත් මුදලටත් වඩා අඩු මුදලකට වී අස්වැන්න වෙළඳපොලට මුදා හරී. ඒ අනුව මේ වගාව පවත්වාගෙන යන්නේ ගොවියාද රජයද පාඩුපිට පාඩු ලබමින්ය. ඒ පාඩුව සිදුවන්නේ පිටතින් එන ලාබ සහල් වලට සාපේක්ෂවය. මෙහිදී ලංකාව තුලදී සහල් නිශ්පාදනය කරනවාට වඩා කීප ගුණයක අඩු පිරිවැයකට පිටතින් සහල් නිර්යාත කලහැකිය. හේතුව අප සහල් ගෙන්වන රටවල් තුල පවතින (අපට කිසිදා ලඟාවිය නොහැකි) තාක්ෂණික පාගුන්‍යය හා බූමියේ විශාලත්වය වැනි කරුනු නිසා ඔවුන්ට වඩාත් තරඟකාරී අඩු මිලකට සහල් සැපයීමට ඇති හැකියාවයි.
යුගයේ ලෝකය තුල පවතින්නේ එකම ගෝළීය වෙළඳපොලකි. ලාබ සහ ඉහල තාක්ෂණයෙන් යුතු වෙළඳ බාන්ඩ ලෝකයේ සෑම අස්සක් මුල්ලක්ම දැන් ආක්‍රමණය කර අවසන්ය. මේ පසුබිම තුල ලංකාවේ ප්‍රාදේශීය වී ගොවි තැනට උන් හිටි තැන් පවා නැති වීම සොබාවික තත්වයකි. ඇත්තෙන්ම ලංකාවේ වී වගාවට උන්හිටිතැන් නැතිවීම වලක්වා ගෙන සිටින්නේ රජය විසින් විශාල වන්දියක් ගොවියාට සහනාදාර ලෙසින් ලබාදීම හරහාය. අනෙක් පැත්තෙන් රජය මේ වියඳම පියවා ගන්නේ ලෝක ණය මූලාශ්‍ර වලින් පොලියට ගන්නා මුදලකිනි. අවසානයේ මේ ඊනියා ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයේ දීර්ඝ කාලීන පලය නම් රට මහා ණය ගොහොරුවක ගිලීයාමයි.
ඇත්තෙන්ම මෙවන් තත්වයක් තුල දියුණු ආර්ථික දෘෂඨියක් හිමි රාජ්‍යයක් විසින් කලයුතුව ඇත්තේ යම් බාන්ඩයක් රට තුල නිශ්පාදන කරනවාට වඩා පිටතින් ගෙන්වීම ලාබදායක නම් එය පිටතින් ගෙන්වා ගැනීමය. එහිදී එකී බාන්ඩ ගෙන්වාගැනීමට අවශ්‍ය විනිමය සොයාගැනීමට නව මාවත් එකී රාජ්‍යය විසින් සොයාගත යුතුය. එසේ නොමැතිව රජදවස පරාක්‍රම බාහු ස්වයංපෝෂිත ස්වයංවින්දනයකට සමවැදීමෙන් රටක් දියුණු කල නොහැකිය.
මේ සඳහා තවත් උදාහරණයක් ගන්නේ නම් මැතිවරණ කාලවකවානු ලංවූවිට ජාතිකවාදී දේශපාලන කන්ඩායම් විසින් මන්නාරමේ ඇති කනිජ තෙල් නිදියක් ගැන මහ ඉහලින් විස්තර කරනු ඇසේ. නමුත් යථාර්ථය තුලදී මහ මුහුදේ කිලෝමීටර් ගනනවක් යටින් ඇති මෙකී කුඩා තෙල් නිධිය ගොඩට ගැනීමට යන පිරිවැය හා එහි ඇති සීමිත තෙල් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී එය ගොඩ දැමීමට වියඳම් වෙන මුදලෙන් එහි ඇති තෙල් ප්‍රමාණය මෙන් කීප ගුණයක තෙල් ප්‍රමාණයක් පිටත වෙළඳපොලෙන් මිලදී ගත හැකිය.
නමුත් මෙහිදී වල්බූරු පාලනයකට රටේ ජාතිකවාදීන් පිනවීම සඳහා ලෝකයට ණයවී මේ තෙල් ටික ගොඩ ගත හැකිය. එහි පලය වන්නේ ජාතික ණය බර තවතවත් වැඩිවීම පමණි. ඒ අනුව යථාර්ථවාදී ලෝකය තුල මන්නාරමේ තෙල් බාවිතාකල හැක්කේ දූපත්වාදී පුරාජේරු පිම්බීම සඳහා පමණි.
සිංගප්පූරුව වැනි බෞතික සම්පත් හිඟ රටක් ඔවුන්ගේ සංවර්ධනයේ මූලය සොයාගත්තේ මහද්වීපික වශයෙන් ඔවුන්ගේ රටේ පිහිටීමේ තිබුන වැදගත්කම තුලිනි. ලංකාව නැමති කුඩා දූපත තුලද ඊට නොදෙවෙනි ලෙස එහි ඇති මහද්වීපික පිහිටීමේ වැදගත්කම ආර්ථික සම්පතක් බවට පෙරලා ගැනීමේ විබවයක් ඇත. නමුත් තාමත් වැඩවසම් සබ්‍යත්වයේ හැව ඇරගැනීමට බැරිව දඟලන ලාංකීය සමාජය ඒ සඳහා සූදානම් නැත.
අනිත් කාරනාව වී වගාවෙන් ජාතික ආර්ථිකයට සිදුවන ඝෘජු පාඩුව පියවා ගැනීමට හා ගොවි වන්දි ගෙවීමට අවශ්‍ය ප්‍රේශන සොයාගැනෙන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විනිමය ආදායම හරහා සහ සංචාරක හා ඇඟළුම් කර්මාන්ත ආදායම් හරහාය. එබැවින් කල යුත්තේ චිරාගත වී ගොවි තැනට වන්දි ගෙවීම වෙනුවට එවැනි විදේශ විනිමය උපයන මාර්ග සවිබල ගැන්වීමය. එවැනි නවනව විදේශ විනිමය උත්පාදන ක්‍රම ගැන සොයාබැලීමය.
විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට අදාලව ගත්කල විනෝදවීම සඳහා බිලියන ගණන් මුදල් වියදම් කිරීමට සූදානම් සංචාරකයින් රට තුලට ගෙන්වා ගැනීමට අවශ්‍ය බෞතික වටපිටාව රට තුල සකස් කල යුතුය. එහිදී උක්ත සංචාරක ආර්ථිකය ඉපැරැණි ඊනියා සබ්‍යත්ව සංකල්ප වලට හානි පමුණුවන්නේ යැයි සිතන්නේ නම් එකී සබ්‍යත්ව සංකල්ප මෙකී සංචාරක ආර්ථිකයට පිටතින් තබා ගත යුතුය. මන්ද මේ චිරාගත බොහෝ දේ නව ආර්ථික ලෝකයට අපට පිවිසීමට නොහැකි වීමට අතිමූලික වශයෙන් හේතුවු බව අප සිහිකොට ගත යුතුය.
ලිපිය අවසානයේ උක්ත දේශපාලන ආර්ථික සන්ධර්බය තුල මේ දුපතේ ඉරණම ගැන සරළ සංශිප්තයක් මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමි. ප්‍රාග්ධනයේ විශ්ව ව්‍යාපී ක්‍රියාවලිය සිදුවන්නේ එයටම ආවේණික වෛශයික තර්කනයකට අනුව මිස ජාතිකවාදීන්ගේ සම්ප්‍රදායික ආත්මීය උවමනාවන්ට අනුව නොවේ. ඒ අනුව යුගය විසින් ඉල්ලා සිටින ප්‍රාග්ධනයේ ඉතිහාසය මොහොතට මුහුණ දිය නොහැකි අප වැනි ජාතීන් මෙසේ බංකොලොත්ව විනාශවී යෑම අනිවාර්යක් මිස අහඹුවක් නොවේ.
විවෘත ආර්ථිකය යනු බූගෝලීකෘත නිශ්පාදන බලවේග විසින් අනිවාර්ය දෙනලද තත්වයකි.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN