රුපියල් 2,000 දීමනාව ප්‍රමාණවත් නෑ – ජෝෂප් ස්ටාලින්

විභාග ඇගයීම් කටයුතු සඳහා අයදුම් කිරීමට හෙට දිනය දක්වා විභාග දෙපාර්තමේන්තුව කල් ලබාදී ඇති අවස්ථාවක, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ඇරඹීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරට විභාග කාලසටහන් සැලසුම් තවත් කල්යෑමක් සිදුවන බවත්, දෛනික ගෙවීම රුපියල් 2,000කට සීමා කිරීම හේතුවෙන් ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් ඉල්ලුම් නොකරන බවත් ය.

ඒ පිළිබඳ ඔහු දරන්නේ මෙවන් අදහසක්..

“මේ අයදුම් නොකරන්න හේතුවෙලා තිබුණේ විශේෂයෙන්ම මේ උත්තර පත්‍ර ඇගයීම සඳහා ගෙවන දීමනාව අවම මට්ටමක පැවතීම. 22 සිට ඇගයීම් කටයුතු ආරම්භ වෙලා නෑ. එතකොට දැන් මේ තුළ වෙන්නේ සම්පූර්ණයෙන් ඉදිරි විභාගත් ක්‍රමාණූකූලව ප්‍රමාද වෙන එක. මෙතනදී අධ්‍යාපන ඇමතිවරයා මේ දීමනා මදී නිසා ඔහු විසින් රුපියල් 3,000කින් දෛනික දීමනාව වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මේ කැබිනට් පත්‍රිකාව තුළ මේ දෛනික දීමනාව රුපියල් 2,000යි දීලා තියෙන්නේ. මේක ප්‍රමාණවත් නෑ. ඒක නිසා මේක තවදුරටත් දීර්ඝ වීම තුළ ගුරුවන්ගේ අයදුම් කිරීම ප්‍රමාද වෙන්න පුළුවන්. ආණ්ඩුව දැන ගන්න ඕනේ මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ මේ ඇගයිම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. අපිට අවශ්‍යයි අදාළ අවුරුද්දේ විභාගයට එන්න. එහෙම ආවොත් තමයි මේ අධ්‍යාපනයේ අර්බුදය අවසන් වෙන්නේ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...