ඇමරිකානු සබඳතා ශක්තිමත් වෙයි..

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති අතර ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය දක්වන ශක්තිමත් වැඩපිළිවෙළක් සඳහා ශ්‍රී ලංකාව ගන්නා පියවර සම්බන්ධයෙන් සහාය පළකරන බව ඇය එම සාකච්ඡාවේදී පවසා ඇත.

සියලුම ද්වී පාර්ශවික නිල සහ පෞද්ගලික ණයහිමියන් සඳහා විනිවිඳභාවයෙන් සහ සංසන්ඳනාත්මකව සැලකීමට ශ්‍රී ලංකා රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය ප්‍රසාදය පළකර තිබෙන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සියලු කොන්දේසි සපුරා ඇති අතර එම ණය සහනය එම මාසය තුළ ලැබෙනු ඇති බවට රජය විශ්වාසය පළකරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

මේ මොහොත කියවා ගැනීම අති දුෂ්කරය.ආගම යනු නිවුණු,සැනසුණු අනොන්‍ය...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...