මගේ සියලු සබඳතා යුක්රේනය රකිනු පිණිසයි – සෝවියට් දේශය රනින් බැබලවුූ යුක්රේනුවා කියයි

Date:

වර්ථමානයේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයා මෙන්ම ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ විධායක කමිටු සාමාජිකයෙක් මෙන්ම යුක්රේන ඔලිම්පික් කමිටු සභාපතිවරයා ද වන ලොව බිහි වු විශිෂ්ඨතම රිටි පනින්නා ලෙස අවිවාදිත සර්ජි බුබ්කා ප්‍රකාශ කරන්නේ සිය සියලු ජාත්‍යන්තර සබඳතා භාවිතා කරමින් යුක්රේනය සුරකින බවයි.

යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් වන්නට පෙර ඔහු සිය ක්‍රීඩා ජීවිතය තුළ ලෝක වාර්තා 35ක් පිහිටුවමින් සෝවියට් දේශය රනින් බැබල වූ ක්‍රීඩකයෙක්ය.ඒවා අදත් සෝවියට් ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂිම වාර්තා ලෙස නොමැකී නොසැලි පවතින්නේය.එකල රුසියාව ආඩම්බරයට පත් කළ බුබ්කා ඉපිද ඇත්තේ ලුහාන්ස්කි නම් වූ යුක්රේනයට අයත් ප්‍රදේශයකය.

අද තමන් කීර්තිය දිනා දුන් භූමියේ ගැහැට මැද තමන් ජනිත කළ දේශයට ඉමහත් ආදරයෙන් වැඩ කරන බුබ්කා පවසන්නේ එකමුතුකම සහ ශක්තිය යුක්රේනය ජයග්‍රහණය කරා ගෙන යනු ඇති බවය.තමා මේ අවස්ථාවේ නිදා නොසිට යුක්රේනය වෙනුවෙන් කටයුතු කරන බව පවසන බුබ්කා,“ආක්‍රමණිකයාගෙන් පරාර්ථකාමීව සහ විශ්වාසයෙන් අපේ රට ආරක්ෂා කරනලෝක වාසී සියලු දෙනාටම ස්තූතිය යනුවෙන් පවසා ඇත.

මේ අතර ජාත්‍යන්තර මට්ටමේ යුක්රේන ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසක් යුදමය තත්ත්වය හේතුවෙන් රටින් බැහැරව ගොස් තිබෙන අතර තවත් පිරිසකට යුක්රේනයට ඇතුල්වීමට අවස්ථා ඇහිරි ඇත.මේ ක්‍රීඩකයින්ට රැකවල් ලබා දෙමින් ඔලිමිපික් බැදීම තහවුරු කරමින් මිත්‍රත්වයෙන් කටයුතු කරන සියලු රටවල් වෙත ස්තූතිය පළ කරන්නට එරට ජාතික ඔලිමිපික් කමිටු උප සභාපතිණිය මාරියා බුලටෝවා ඉදිරිපත් වි ඇත.

බුබ්කා සමඟ එක්ව මාරියා මේ ප්‍රකාශ සිදු කර ඇත්තේ යුක්රේනයේ රාජ්‍ය ආරක්ෂණ දෙපාර්තමේන්තුවට ජාත්‍යන්තර ඔලිමිප්කි කමිටුව මැදිහත්වීමෙන් යුක්රේනයට ලැබෙන ආධාර භාරදීමේ වැඩ සටහනකට එක් වෙමින්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...