*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

විමල් සියතින් ගෙළ සිඳගත්තා – පතිරණ

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය උද්දච්ඡකම නිසා සිය දේශපාලන අනාගතය විනාශ කරගනිමින් සියතින් ගෙළ සිඳගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන පහතින් දැක්වේ.


විමල්ගේ සියතින් ගෙළසිඳ ගැනීම

ආණ්ඩුව හරිමග යන බව දැන⁣⁣⁣ගෙන තමා මුල ඉඳල ම විමල් ගම්මන්පිල ඒකට කකුල් මාට්ටු දාන්නෙ. විමල්ලට ඕන ආණ්ඩුව හරිමග යන්න නෙමෙයි, වැරදිමග යන්න. තමන්ව හයිලයිට් වෙන්නෙ එතකොට බව ඔවුන් දන්නවා.

වසංගතයත් එක්ක හා යහපාලන ආර්ථික කම්බස් කිරීමත් එක්ක ලංකාව ඩොලර් බිලියන 12 කට වඩා අවුරුද්දකට අහිමි වීමෙන් කෙටිකාලීන ප්‍රශ්න ආපු බව ඇත්ත. ගෝඨාභයට 2019 ලැබුනෙ මහින්ද සිරිසේනට දීපු සංචිතවලටත් වඩා අඩුවෙන්. එහෙනම් ඉතිං ප්‍රශ්න එන එක අහන්න දෙයක්ද?

විමල්ට මේව නොතේරෙනව වෙන්න බැහැ. ඒත් ඔවුන්ට ඕන ප්‍රශ්න එන්න තමා. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙන්නෙ ඒක. ඔවුන් දැනගත්තා ගෝඨාභය ගෙනත් ඒ පාලනයත් කකුල් මාට්ටු දාලා ඉවර කළොත් ජාතික කඳවුරේ කොඩිය ඊළඟට එන්නෙ තමන්ට කියල. ඒක දේශපාලන බල ව්‍යාපෘතියක්. ඒ හීනය පස්සෙ මේ යන්නෙ.

මහින්ද ආණ්ඩුව පෙරලන්නත් මුලින් ම ඇතුළෙ ඉඳල ගැහුවෙ විමල්. ආර්ථික ඝාතකයා කියල බැසිල්ට ගහල, Mr 10% කියල කතා හදල රාජපක්ෂ කඳවුර එම කඳවුර තුළම අප්‍රසාදයට පත් කළේ විමල්ල. අනිත් පැත්තෙන් ජාතිවාදය වැපිරෙව්ව. එහෙම කළේ සුළුතරය මහින්දගෙන් අයින් කරන්න. දැන් ඒකමයි වෙනත් විදියකින් ගෝඨාභයට කරන්න ගියෙත්. ආයෝජන එනකොට ඒ සේරටම විරුද්ධ වුනා. යුගදනව් ආයෝජනයට විරුද්ධ ව නඩුත් දැම්ම. දැන් ඒකත් පරාජය වෙලා. ආයෝජනත් එක්ක විදේශ විනිමය එනවා. ඒ ආවොත් ආර්ථිකය ගොඩ යනව. එහෙම වුනොත් ආණ්ඩුව ජනප්‍රිය වෙනවා. ඒක නවත්තන්න නම් ඒ සියල්ලට විරුද්ධ වෙන්න ඕන.

මේ සැරේ විමල්ල වරද්ද ගත්ත. ඔවුන් හිතුවෙ මහින්ද ආණ්ඩුවෙි කරපු සෙල්ලම-එනම් ඇතුළෙ ඉඳන්ම ආණ්ඩුවට ගහමින් ඉඳල අවසාන මොහොතේ පැනල යන්න. ඒකෙ ප්‍රචාරක බලපෑම වැඩියි. සිරිසේනත් එදා ගියේ අවසාන මොහොතේ. හැබැයි එහෙම කරන්න ඉඩ දෙන්නෙ නැතුව මේ සැරේ රාජපක්ෂල ලස්සනට ගේම දුන්න.

කොහොමත් යනව නම් දැන්ම යන්න කියල තමා අයින් කළේ. මේක විමල්ලගේ ගණනය කිරීම්වල කවදාවත් තිබුනෙ නැ. ඉවත් කළාට පස්සෙ විමල් ගම්මන්පිල ආණ්ඩුවෙි හිතවත් ඇමතිවරුන්ට කියල තිබුණ දේවල්වලින් ඒක පැහැදිලි වුනා. ඔවුන් හිතුවෙ රාජපක්ෂල ඒ පියවර ගන්න බයයි කියල. මෙතෙන්දි තමා රාජපක්ෂල ගැන විමල්ල වැරදියට අර⁣ගෙන තිබුනෙ. රාජපක්ෂල කවදාවත් බිත්තියට හේත්තු කරන්න හොඳ නැහැ. ඒක කළොත් ඔවුන් හිතාගන්නවත් බැරි විදියට ප්‍රතිචාර දක්වන්නෙ. ප්‍රභාකරන් කර ගත්තෙත් ඒ වැරැද්ද. අවසානේ ඉන්න හිටින්න තැන් නැතුව විනාශ වෙලා ගියා. හැබැයි බිත්තියට හේත්තු කරනකල් රාජපක්ෂල ඉවසනව. විමල්ල ගැන අවුරුදු 15ක් විතර ඉවසුව. හිතන්න ඒ ඉවසීම කාටද කරන්න පුළුවන් කියල.

අනික අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නත් රාජපක්ෂල දන්නව. යුද්ධය යන වෙලාවේ මංගල ශ්‍රිපති ඒකට කකුල් මාට්ටු දැම්ම. මංගල කියන්නෙ මහින්දගෙ ජනාධිපතිවරන කැම්පේන් එකේ ප්‍රභලයෙක්. ඒ විතරක් නෙමෙයි හිතවතෙක්. අයින් කළා. ඒ වෙලාවෙ පාර්ලිමේන්තුවත් මහින්දට හරියට නැ. ඒත් අයින් කළා. මහින්ද වැදගත් වුනේ යුද්ධය ජයගැනීම. ගෝඨාභය දන්නව මේ තරම් වසංගතයක් මැද අමාරුවෙන් යන ගමනට අකුල් හෙළනව නම්, ඒක තවදුරටත් ඉවසන්න බැහැ කියල. මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. විමල්ල ඒක තේරුම් ගත්තෙ නැ.

විමල්ල සියතින් ගෙල සිඳගත්තා. හෙමින් ඉවසීමෙන් යන්න තිබුණ ගමන විනාශ කරගත්තා. වයසත් නැති එකේ විමල්ට ගමනක් තිබ්බ. ඒත් ඔහුගේ ඉවසීම නැතිකම, උද්ධච්ඡකම, අධිතක්සේරුව හා ඊගෝව විමල් ව කුණුකූඩයට දැම්ම.

  • මහින්ද පතිරණ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan