අගමැතිතුමාගෙ ප්‍රකාශ හරිම හාස්‍යජනකයි – විමල් වීරවංශ

Date:

රටතුළ ඉන්ධන හිගයක් ඇති වූයේ අමාත්‍යවරුන් විසින් පළකළ ව්‍යජ පුවත් නිසා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය ඉතා හාස්‍යජනක බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

අගමැතිවරයා හෝ වෙන කවුරුන් ප්‍රකාශ කළද එවැනි ප්‍රකාශ මෝඩ ප්‍රකාශ ලෙස හැඳින්විය හැකි බව පෙන්වා දෙන විමල් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, එසේ නම් ඉදිරියේදී කිසිදු ඉන්ධන හිගයක් ඇතිවිය නොහැකි බවයි.

ඉන්ධන ආනයනය සඳහා වාණිජ්‍ය බැංකු මගින් ණයවර ලිපි නිකුත් නොකරන්නේ නම්, ගෑස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් නොකරන්නේ නම්, ඉන්ධන හා ගෑස් ආනයනයට බාධා සිදුවන බවත්, රටතුළ ඉන්ධන හිගයක් මතුව තිබෙන්නේ ඒ නිසා බවත් වීරවංශ මහතා පවසනවා. ඒ නිසා රටතුළ ඉන්ධන හිගයක් මතුව ඇති බව සියලු දෙනා පිළිගත යුතු බවත්, ඊට හේතුව රට සතු විදේශ විනිමය හිගවීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

විදේශ විනිමය අර්බුදයක් හෝ ඉන්ධන අර්බුදයක් රටතුළ නොමැති බව පවසමින් හිත සතුටු කරගෙන නින්දට යාමට සිතා සිටින්නේ නම් පසුවදා පාන්දර ඔලුවට පොල්ලකින් පහර දී ප්‍රකෘති තත්වයට ගැනීමට සිදුවන බවද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...