*
Friday, April 26, 2024
spot_img

Latest Posts

බොරතෙල් මිල අහස උසට – වසර 13 කට පසු ඉහළම අගය වාර්තා වෙයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. යුක්රේන-රුසියා යුද උණුසුම හේතුවෙන් මෙවැනි තත්වයක් මතුව තිබේ.

ඊයේ දිනයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 140 ආසන්නයට ඉහළ ගොස් තිබූ අතර කෙසේ නමුත් අද වනවිට එය ඇමරිකානු ඩොලර් 128 ක් දක්වා අඩු වී තිබෙනවා.

මෙම මිල ඉහළ යාම වාර්තා වන්නේ 2008 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසයි.

ලෝක වෙළඳපොලේ දෙවැනි විශාලතම බොරතෙල් සැපයුම්කරුවා වන රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම රටවල් රැසක් ප්‍රතික්ෂේප කර ඇති අතර මේ නිසා මැද පෙරදිග කලාපයේ බොරතෙල් සඳහා එකවර විශාල ඉල්ලුමක් ඇතිව තිබේ. මෙම තත්වය බොරතෙල් මිල ඉහළ යාම සඳහා සෘජුවම බලපායි.

මේ අතර ලෝක වෙළඳපොල වෙත සපයන බොරතෙල් බැරල් ප්‍රමාණය ඉහළ දමන්නැයි රටවල් රැසක් සෞදි අරාබියෙන් ඉල්ලා තිබෙනවා. කෙසේ නමුත් සිය සැපයුම ඉහළ දැමීමට මෙතෙක් සෞදි අරාබි බළධාරීන් තීරණය කර නොමැත.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර බොරතල් බැරලයක මිල ඩොලර් 90 ට වඩා පහළ අගයක පැවති අතර සති කිහිපයක් තුළදී 50% කට වැඩි ප්‍රතිශතයකින් මිල ඉහළ ගොස් තිබේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan