*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ලංකා නිව්ස් වෙබ් අපේ දහතුන …

ලංකා නිව්ස් වෙබ් අපි අද (07) දිනයේදී අපේ මාධ්‍යකරණයේ 13 වැනි සංවත්සරය සමරන්නෙමු.

ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවි විශාල ගණනක් අතරින් වසර 13ක් තිස්සේ අඛණ්ඩව ජනතාව වෙත තොරතුරු සැපයීමට හැකිවීම පිළිබඳ අපට ඇත්තේ සතුටකි. මේ වසර 13ක කාලය තුළ බොහෝ අභියෝගවලට, ප්‍රශ්නවලට මුහුණ පෑමට අපට සිදුවුණු නමුත් ඒ හැම අවස්ථාවකටම අප හා එක්ව මුහුණ දුන්, ඒ අවස්ථාවන්හිදී අපට ශක්තිය දුන් අපේ පාඨකයින්ටත්, හිතවතුන්ටත් අපි හදවතින්ම ස්තූතිවන්නෙමු.

බොහෝ මාධ්‍ය ආයතන පුන පුනා කීමට තැත්කරන්නේ තමන් අපක්ෂපාතී බවකි. අපට එසේ බොරු කීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. ප්‍රශ්නයක් වන සෑම මොහොතකම අපි ජනතාවගේ පැත්ත ගන්නෙමු. පීඩිතයාගේ පැත්ත ගන්නෙමු. වර්ගවාදයට, ජාතිවාදයට, ආගම්වාදයට සැම විටම එරෙහි වන්නෙමු. එවන් තැනකදී අපක්ෂපාතී සීතාම්බර සළුවෙන් සැරසී පීඩකයාට ආවැඩීමේ සම්ප්‍රදායක් අප සතුව කොහෙත්ම නැත. අපේ ප්‍රමුඛතා ලැයිස්තුවෙහි අංක එක උසුළන්නේ මිනිස් නිදහස ම පමණි !

අපි එකම තැන එකම ආකාරයෙන් රැඳුණු වෙබ් අඩවියක් ද නොවෙමු. කාලයෙන් කාලයට විවිධ වෙනස්කම් සමග වඩාත් ධනාත්මක ප්‍රවේශයකින් අපේ පාඨකයින් වෙත තොරතුරු ඉදිරිපත් කිරීමේ වගකීම ඉටු කළෙමු, කරන්නෙමු. විවිධාකාර තාක්ෂණික අත්හදාබැලීම් මෙන්ම කර්තෘ මණ්ඩල ප්‍රතිපත්තිමය වෙනස්කම් ද අප අත්හදා බලා ඇත. මේ වනවිට අපි පක්ෂ, විපක්ෂ සැමට අපේ වේදිකාව විවර කර ඇති අතර සෑම විටකදීම පිළිතුරු දීමේ අයිතියට අවස්ථාව සලසා ඇත්තෙමු.

ඒ ඒ මොහොතේ මතුවෙන රැලි සමග ගසාගෙන යන වාර්තාකරණයක නියැළීම ද අපේ ස්වභාවය නොවේ. හුදෙක් ජනප්‍රියත්වයට ඉහළින් රකින්නට දෑ අපට අනිවාර්යයෙන්ම තිබේ.

රටේ ජනතාව ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටින මොහොතක, රටක් වශයෙන්ම දැවැන්ත අභියෝග ගණනාවක මුවවිටෙහි සිටින මොහොතක, හැඟීම්වලින් නොව බුද්ධියෙන් දේශපාලනය කළ යුතු තීරණාත්මක මොහොතක ප්‍රීති උත්සව පවත්වා සමරන්නට අපට දෙයක් නැත. රටක් වශයෙන්, ජනතාවක් වශයෙන් දිනාගත යුතු දෑ බොහෝ ඇති මොහොතක, විවිධාකාර සටන් පෙරමුණු මැද දිගටම අප හා රැඳී සිටින මෙන් අපි ඔබට ආරාධනා කරන්නෙමු.

ස්තූතියි !

~ ලංකා නිව්ස් වෙබ් කර්තෘ මණ්ඩලය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan