විදුලි අර්බුදය සම්බන්ධයෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා, පළාත් ආණ්ඩුකාරවරුන් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී මුදල් ඇමතිවරයා පවසා තිබෙන්නේ විදුලි භාවිතය අවම කර ගැනීම සම්බන්ධයෙන් පළාත් සභා මට්ටමෙන් හැකිතරම් පියවර ගතයුතු බවයි. ඒ අනුව පළාත් සභා යටතේ ක්‍රියාත්මක පොදු ස්ථානවල විදුලි භාවිතය 20% කින් අවම කිරීමට තීරණය කර තිබෙනවා. මේ වනවිටත් ඊට අදාල උපදෙස් පළාත් සභා ආණ්ඩුකාරවරුන් විසින් රාජ්‍ය ආයතනවල ඉහළ නිළධාරීන්ට ලබා දී ඇත.
විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට හැකිතරම් නැඹුරු වියයුතු බව මෙම සාකච්ඡාවේදී අවධාරණය වී තිබේ.
UN