ශ්‍රී ලාංකීය අභිමානය කැනඩාවේත්: එකම පවුලේ හය දෙනෙකු නිවසේදී ඝාතනය කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 08,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි දර්ශනී බන්බරනායක ගම වල්ව්වේ දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇගේ වයස අවුරුදු හතට අඩු දරුවන් සිව්දෙනාය වන හත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, අවුරුදු දෙකේ රිනානා වික්‍රමසිංහ සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ යන දරුවන් මෙන්ම නිවසේ ජීවත් වූ 40 හැවිරිදි පුද්ගලයෙකි. දරුවන්ගේ පියා බරපතළ තුවාල සහිතව රෝහලේගත කර තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 19 හැවිරිදි ෆේබ්‍රියන් ද සොයිසා නමැති කැනඩාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයෙකු බව ඔටාවා පොලිස් ප්‍රධානියා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔටාවාහි නගරාධිපතිවරයා කිර තිබුණේ, දශක තුනක පමණ කාලයකදී ඔටාවා හි මෙවැනි ඝාතනයක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන බවයි. මේ සම්බන්ධයෙන් අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කර තිබුණේ, මෙම සිදුවීමෙන් තමා කම්පනයට පත්වූ බවත්, මෙය බිහිසුණු ප්‍රචණ්ඩත්වයක් ලෙසත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...