වන්දිත් අරන් වියත්පුරෙන් නිවාසත් ගත් මන්ත්‍රී ලැයිස්තුවත් එළියට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීවරුන් සඳහා රජයෙන් ලබාදුන් වන්දි මුදල්වලට අමතරව රජයට අයත් වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ද ලබාගත් මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් ඊයේ (මාර්තු 07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

පන්නිපිටිය වීර මාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයේ Block 05 හි නිවාස ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් එවකට පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව පහත සඳහන් මන්ත්‍රීන් 26 දෙනෙක් සඳහා වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇත.

එසේම සාමාන්‍ය ජනතාවට එම නිවාස ලබාදෙන ආකාරයට වඩා අඩු මුදලකට සහ වසර 15ක කාලයකින් මුදල් ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයකට ඔවුන්ට එම නිවාස ලබාදී ඇති බවත් එහිදී අනාවරණය කෙරිණි.

ඒ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...