9 වසරෙන් විභාගයක්. ඉතිහාසයේ දැවැන්තම අධ්‍යාපන පෙරළියට මාලිමා ආණ්ඩුව සූදානම් – ඇමති හේවගේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම අධ්‍යාපන පෙරළිය සිදුකිරීමට ජාතික ජන බලවේගයේ රජය සූදානම් බවත් ඒ සඳහා මෙතෙක් ඉතිහාසයේ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 619ක් මෙවර අයවැයෙන් වෙන්කර ඇති බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

“මේ රටේ සියලුම දේවල් හදන්න පුළුවන් ප්‍රධාන මධ්‍යස්ථානය තමයි අධ්‍යාපනය. ඒ අධ්‍යාපනයේ දැවැන්ත ගුණාත්මක පරිහානියක් තියෙනවා. මේ අධ්‍යාපනයෙන් නිර්මාණය අවුට්පුට් එකේ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අධ්‍යාපනය දැවැන්ත පරිවර්තනයකට ලක්කරන්න තමයි මාලිමාවේ ආණ්ඩුව අපේක්ෂා කරන්නෙ. අපි අපේක්ෂා කරනවා 2026 ඉඳලා විශේෂයෙන්ම මේ දරුවන්ට තියෙන අධ්‍යාපන බරෙන් දරුවන් මුදවාගෙන, ඒ විතරක් නෙවෙයි සමාජයට හිතෛෂී පුද්ගලයෙක් බවට, දැවැන්ත දියුණු මානවයෙක් බවට පත්කරන්න තමයි මේ අධ්‍යාපනය ක්‍රමය සකස් කරන්නෙ. මම හිතන්නෙ එදා මෙදාතුර ලංකාවේ වෙන දැවැන්තම අධ්‍යාපන පෙරළිය මේක කියලා අපි විශ්වාස කරනවා. එය ඇතුළෙ දරුවන්ට දැවැන්ත රිලැක්සේෂන් එකක් සිද්ධ වෙනවා.

විශේෂයෙන්ම අපි අපේක්ෂා කරනවා 9 වසරෙන් විභාගයක් තියලා, දරුවෝ යන මේ මාවතෙන්ම යනවා නම් ඒ මාවතෙන්ම යන්නත්, එහෙම නැත්නම් අපට වෘත්තීය අධ්‍යාපනය ඇතුළෙ ඒ දරුවන්ගෙ අනාගතයට ඉඩ ප්‍රස්තාව හදාගන්නත්. එතකොට දැන් ගත්තොත් ඇත්තටම වෘත්තීය අධ්‍යාපනයට එන්නෙ විශේෂයෙන්ම පාසල්වලින් හැළෙන දරුවෝ. ඒ නිසා අර හැළෙන දරුවන්ගෙ මධ්‍යස්ථානයක් බවට පත්වෙච්චි එක වෙනුවට දරුවන්ගෙ අභිලාෂයන්ට අනුව ඉඩකඩ දෙන වෘත්තීය අධ්‍යාපනයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. ඒකට ප්‍රධානම කරුණු දෙකක් ඕනෙ. එකක් තමයි වෘත්තීය අධ්‍යාපනයේ නියැළෙන්නන්ට ගරුත්වයක් ඕනෙ. දෙක, ඒ වෘත්තියෙන් තමන්ගෙ ජීවිතය ගොඩනඟාගන්න පුළුවන් කියන විශ්වාසය ඕනෙ. ඉතින් ඒක මං හිතන්නෙ රටේ ආණ්ඩුව බාරගන්නවා”

නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...