*
Sunday, March 9, 2025
spot_img

Latest Posts

ජයග්‍රහණය උඩ පන්දු සේ අත හැරීම

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 08, (LNW)කොළඹ

නවසීලන්ත සංචාරයේ දෙවන එක්දින තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 78 න් පරාජයට පත් විය.එම තරගයේ ප්‍රතිපලය හැඳින්විය හැක්කේ උඩ පන්දු ලෙස ජයග්‍රහණය අත් හැර දැමූ තරගයක් ලෙසය.ලකුණු 110 ට කඩුලු 5 ක් බිඳ වැටුණු නවසීලන්ත ඉණිම වෙනුවෙන් අගනා වටිනා ශතකයක් ලබා ගනිමින් මැඩී ග්‍රීන් විසින් නැවත ගොඩ නැඟීම සඳහා ගත් උත්සාහයේදී සහයට එකතු වූ ජෙස් ක්ර් දවා ගැනීමට තිබූ පහසුම උඩ පන්දුවක් විශ්මි ගුණරත්නගේ අතින් ගිලිහී යාම ජය ගන්නට තිබුණු තරගයක් පරාජය දෙසට හැරවීමේ මූලික අවස්ථාව විය.


ඉන් අනතුරුව තරගයට මෙන් විශ්මිට එකතු වූ අචිනි කෞශල්‍යා,සුගන්ධිකා කුමාරි,ඤේතනා විමුක්ති ද උඩ පන්දු අත හැරීම සිඳු කළ බැවින් නවසිලන්ත ක්‍රීඩිකාවන්ට පන්දු ඕවර් 50 නිමා වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 245 ක් රැස් කරන්නට අවස්ථාව හිමි විය. කලෙකට පසුව දකින්නට ලැබුණු අතිශයින් දුර්වල පන්දු රැකීමක ප්‍රතිපලය නිසා ලකුණු 200 ට මෙපිටින් නවසීලන්තය නවතා ගැනීමට තිබුණු අවස්ථාව මඟ හැරිණි.
සාමාන්‍යෙයන් වේගයෙන් පන්දු යවන ක්‍රීඩිකාවක වන චේතනා විමුක්ති පන්දු ඕවර් 5 දී ලකුණු 29 ක් ලබා දීමෙන් ඉනික්බිති,නැවත පන්දු යැවීමට කැඳවූවේ නැත්තේ ඇයිද යන්නද විශාල ගැටළුවකි.ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම සඳහා එකතු වූ පළමු අවස්ථාවේ ඇයව පන්දුවෙන් පන්දුවට මෙහෙයවමින් වැඩි ප්‍රතිපලයක් සඳහා මෙහෙයවන්නට තිබුණු බව අපේ හැඟීමය.නවක ඇයගේ ආත්ම විශ්වාසය තහවුරු කිරීම සහ සංවර්ධනය කිරීම සිඳු විය යුතුව තිබුණා සිඳු නොවුණු එකක් විය.


පිළිතුරු ඉණිම යළිත් ඉක්මන් වීමේ වරදට ගොඳුරුව චමරි අතපත්තු දැවී ගියේය.උඩ පන්දුවක් දී දැවී යාම කීමට වඩා එය ඉක්මන්වීමක්ය.විශ්මි දැවී ගියේ තමන් පන්දු රැකීමේදී දැක් වූ දුර්වලතාවයට ජෙස් කෙර් ගෙන් හොඳ පිළිතුරුක් ලබා ගනිමින්ය.කෙර් රැකගත් සුපිරි උඩ පන්දුවෙන් විශ්මි ද මුළු ලකුණු ප්‍රමාණය 31 ක් ව තිබියදී දැවී ගියාය.


අනතුරුව ශ්‍රී ලංකා ඉණිමේ පලදායීම සබඳතාවය ගොඩ නැඟිණ.මේ තරගයේදී අර්ධ ශතකයක්(59) ක් රැස් කළ හර්ෂිතා සමරවික්‍රම තෙවන කඩුල්ල වෙනුවෙන් කවීශා දිල්හාරි (25) සමඟ ලකුණු 68 ක් එක් කරන්නට සමත් විය.ශ්‍රී ලංකාව අනතුරුව ඉදිරියේ සිටි තරගය නිමා කළේ ලකුණු 167 ට සියල්ල දැවී යමින් නවසීලන්තයට ලකුණු 78 ක ජයක් හිමි කර දෙමින්ය.
ලකුණු සටහනට https://bit.ly/41vwnv9

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan