*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

අද මාර්තු 8 කාන්තා දිනය…

අපි හැමෝම ඩැෆඩිල් මල් වගේ…..

මෙ මලට කියන නම දන්නවද…

දන්න අය වගේම නොදන්නා අයත් ඇති.

මෙ මලට කියන්නේ Daffodil ඩෙෆඩිල් කියල.

මෙ මල පිපෙන්නේ winter සීත සෘතුව කියන කාලය අවසානයේ spring වසන්ත කාලය එළබෙද්දී..

මේ spring කාලය ආරම්භයේදී හැම තැනකම මෙ මල් වර්ගය පිපෙනවා.

එ කියන්නේ හැමෝම හිටවනවා කියලද?

නෑ. මෙ මල spring කාලයේ පිපිලා රස්නෙ කාලය පටන් ගන්න කොටම මල් නැති වෙලා කොල වෙලිලා එයා හිටපු තැනක් වත් නැති වෙන්න පොලොව ඇතුලේ හැංගෙනවා. මුලු අවුරුද්ද පුරාම එයා පුංචි ලූණු ගෙඩියක් වගේ පොලව ඇතුලට වෙලා ඉඳල හරියටම මාර්තු මාසයේ පොලොව ඇතුලින් මතු වෙනවා. අන්න ඒ ගස් පඳුරු පඳුරු හැම තැනම හැදිල මල් එන්න පටන් ගන්නවා .මෙ මල් පිපෙද්දි කහ රෙද්දක් වනලා වගේ පුදුම ලස්සනයි . එක යායට කහ පාටට කියන්න බැරි තරම් ලස්සනයි.

අද මාර්තු 8
කාන්තා දිනය

එත් මට මෙ මල් දකිද්දී මතක් වන්නේ කාන්තාවක්..මෙ මල මම උපමා කලොත් ගැහැණියකට?

ඔව් ගැහැණිය මම ඔබ අපේ ආදරණීය මිතුරියන් අපි හැමෝම ඩැෆඩිල් මල් වගේ.

අපි ඉන්නවා එත් නෑ වගේ.
invisible.

ගැහැණිය නැති ලොකයක පැවැත්මක් නෑ….
මෙක මනුෂ්‍යයාගේ සිට සෑම සතකුගේ දක්වා එකම සත්‍යයි…

ගැහැණිය, කියන්නේ,…….
අම්මා……අත්තම්මා,….බිරිඳ,… දියනිය,….පෙම්වතිය,…. කෙල්ල,….සහොදරිය,…වෛශ්‍යව,…. වැන්දඹුව,….මෙහෙකාරිය,…මෙහෙණිය

මෙ හැම නමකින්ම ඉන්නෙ කාත්තාව.

කාන්තා අපි නැති තැනක් සම්පුර්ණ නෑ

අම්මා නැති ගෙදර ගෙදරක් නෑ
අම්මා නැති කුස්සියේ බත් නෑ
බිරිඳ නැති නිවස කෑම නැති හොටලය වගේ
දුවක් නැති ගෙදර එලියක් නෑ .

මෙ හැම භූමිකාවම ඉන්නෙ ඔබ සහ මම.
වෙනකාටවත්ම නෙමෙයි සමහර වෙලාවට ඔයාට හිතිලා නැද්ද ඔයා හිටියට නෑ වගෙ කියල.

අන්න එකයි මම කිව්වෙ ගැහැණු අපිත් Daffodil ඩෙෆඩිල් මල් වගේ කියල අවශ්‍ය වෙලාවට මතු වෙලා වටිනාකමක් දීලා හැංගිලා යනවා.

ගොඩක් වෙලාවට ඔබේ වටිනාකම ඔබවත් දන්නෙ නෑ .
එත් මෙ කියන වසන්ත සෘතුව විතරක් නෙමෙයි හැම සෘතුවම ලස්සන කරපු මල තමයි ඔබ. ඒ කියන්නෙ කාන්තා ඔබ….

උදේ පාන්දර නැගිටලා ගෙදර දරුවන්ගේ සැමියාගේ වැඩ කරල හනිකට ලක ලැස්ති වෙලා පවුලක බර හරි අඩක් වෙනුවෙන් රැකියා දෙකක් කරන ඔබ….

රැකියාවන් කරල විශ්‍රාම ගිහිල්ලත් තවමත් සැමියා දරුවන් දරුවන් ගෙ දරුවන් වෙනුවෙන් වෙහෙස වෙන ඔබත් …

දරුවන් සමඟ තනි උන මුලු පවුලකම බර තම කර මත පැටවුන එත් කාටවත්ම දැත නොපා ජිවන අරගලයක වෙහෙස වෙන ඔබ ආදරණීයම කාන්තාවන් ගල් මැද උපන් මල්.

රස්සාවක් කරන්න නොගියත් ගෙදර ඉඳන් ගෙදර වැඩ දරුවන්ගේ වැඩ කරන ගමන් කේක් ව්‍යාපාර, කේටරින්, ඇදුම් මහන, පොත් ලියන, ටියුෂන් කරන, ඔබත් …

දෙමාපිය දූ දරුවන් ගෙන් දුරස් වෙලා කෙටි කලකට හො ගනන් කරන්න බැරි පැය ගනනනක් රැයක් දවාලක් නැතිව අනෙක දුක් කම්කටොලු දරාගෙන මැදපෙරදිග දුක් විඳින ඔබත්…..

දරුවන්ගෙ සරුසාර හෙටක් ලොකු නමක් ලොකු රස්සා කරන තමන්ට දකින්න බැරි වුන හීන වලට දරුවන් දක්කන අම්මල මැද, උපන්දා පටන් මැරෙන තුරා ළඳරුවන් ලෙස පෝෂණය කරන දරුවන් කොටසකට අම්මා වුන ලෝකෙ ආදරණීයම අම්මල….

විවාහ වෙන වයස පසු වෙද්දී තම පවුල්වල බඩ ගින්දර බෙහෙත් පෙත්ත වෙනුවෙන් ජිවිතය කැප කරපු ඔබ….

කාටවත්ම කියන්න බැරි අප්පිරිම කතාවක අයිතිය දැතින් තුරුළු කරන් මහපාරට වැටුණු ඔබත්…..

අපි හැමෝම Daffodil මල්… හැම සෘතුවම ලස්සන කරන…

තොටිල්ල පදවන දෑතින් අද මොනවද නොකරන්නේ….

අපි හැමෝටම identical value එකක් කොහේ හෝ තියනවා සමහරවිට අපි ආදරය කරන අය ඔබගේ දරුවන්, ඔබගේ සැමියා ඔබට මේ වටිනාකම දිල ඇති.

තවමත් ඔබට වටිනාකමක් දෙන කෙනා ඔබට මුන ගැහිල නැතිව ඇති.
තවත් සමහර විට ඔබගේ ඒ වටිනාකම ඔබ දන්නෙත් නැතිව ඇති.

ආදරණීය මිතුරිය ….

ආදරය කරන්න ඔබට
ගෞරව කරන්න ඔබට
ඔබ දැකපු හයියම ගැහැණිය ඔබ වෙන්න
පෙම් කරන්න ඔබගේ සිතුවිලි වලට
හොඳම මිතුරිය කර ගන්න ඔබවම
ආඩම්බර වෙන්ව ඔබගේ ගැහැනු කමට
කැඩපත ඉදිරියේ සිටගන්න ඒ සුන්දර ගැහැණු රුපය දිහා බලන්න …

ඔබ දකින සුන්දරම ගැහැනු රුව කැඩපත තුළින් ඔබ දකිවි !!!!

Happy International Women’s Day…..

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan