ආසියානු නෙට්බෝල් කිරුළට දක්ෂයන් තේරීම අවසන් 18 දෙනා දක්වා එයි

Date:

ආසියානු රටවල නෙට්බෝල් ක්‍රීඩා කරන යොවුන් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සඳහා විවෘත වන ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලිය මැයි මාසයේ හය වෙනි දා සිට 13 වන දා දක්වා කොරියාවේ ජියොන්ජු හි දී පැවත්වෙනවා.මෙම තරගාවලියේ ඉතිහාසය බලද්දී ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් කිරුළට වැඩිම වතාවක් හිමිකම් කීවද යොවුන් නෙට්බෝල් කිරුළ දිනා ගෙන ඇත්තේ තෙවතාවක් පමණයි.

එකළොස්වන වරට සංවිධානය වන මෙවර තරගාවලිය වන විට වැඩිම වතාවක් යොවුන් කිරුළ දිනාගෙන ඇත්තේ මැලේසියාවයි.ඔවුන් පස් වතාවක් මෙම කිරුළ දිනාගෙන තිබෙනවා.සිංගප්පූරුවට මෙම කිරුළ හිමි වී තිබෙන්නෙ තවමත් අවස්ථා දෙකකදි පමණයි.
මෙවර යොවුන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් සංචිතයේ අවසාන 18 දෙනා සංචිත ගත කරන්නට තීරණය කර තිබෙනවා.අප්‍රේල් මාසයේදි අවසන් තේරිම පවත්වා කණ්ඩායම පුහුණුවීම් අරඹන බවයි ශ්‍රී ලංකා නෙට්බෝල් ආරංචි මාර්ග පවසන්නේ.දැනට 18 දෙනාගේ සංචිතයට නම් කර තිබෙන ක්‍රීඩිකාවන් පහතින් දැක්වෙනවා.

හිරුණි හේෂානි, නෙත්මි පෙරේරා, නෙතංගා ගුණරත්න, චලනි නිෂා, ජිනාලි බාලසූරිය, මිනාගි කංකානම්ගේ, නෙත්මිණි විජේනායක, ඉදූෂා පෙරේරා, තරුෂි පෙරේරා, සරසි ගුණසිංහ, ඩිශාරා උමයංගනී, දෙව්මි බමුණුආරච්චි, උදාරී ගුරුගේ, ඩිල්මි විජේනායක, සජිනි රත්නායක, එස්.ටී.පතිරණගේ, ජී.ටී.එම්.වසන්තප්‍රිය සහ යූ.ජී.බී.එස්.එන්.උඩගෙදර

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...