නිල සංචිතවල වැඩිවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ 2023 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,217ක් බවයි.

මෙය 2023 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 2,121 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.5%ක වර්ධනයක් වන අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 2,065 සිට ඩොලර් මිලියන 2,183ක් දක්වා 5.7%කින් වැඩි වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 29 සිට ඩොලර් මිලියන 28 ක් දක්වා 5.3%කින් අඩු වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ, එම විදේශ විනිමය සංචිතය තුළ චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...