අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි QR කෝටාව යාවත්කාලීන කිරීම සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිදුකෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මීට පෙර QR කෝටාව යාවත්කාලීන කෙරුණේ සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රියේ වන අතර එමගින් ඇතිවන බෙදාහැරීමේ පිරිවැය අවම කරගැනීම සඳහා මෙසේ අඟහරුවාදා දිනය තෝරාගෙන ඇති බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
කෙසේවෙතත් QR කෝටාව මගින් සතියකට ලැබෙන ඉන්ධන ප්‍රමාණයෙහි වෙනසක් සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
RN