*
Friday, March 29, 2024
spot_img

Latest Posts

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ජාතික ආණ්ඩුවක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂවල එකමුතුවෙන් ජාතික ආණ්ඩුවක් එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයට පෙර නිර්මාණය කෙරෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙවැන්නක් ඉදිරියේදී සිදුවනු ඇති බවට ලංකා නිව්ස් වෙබ් අපි මාස ගණනකට පෙරදීම පැවසුවෙමු.

රට මේ වනවිට මුහුණ පා සිටින තීරණාත්මක ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා දැවැන්ත ජාත්‍යන්තර සහායක් අත්‍යාවශ්‍ය වී ඇති පසුබිමක එම ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම සඳහා මෙම ජාතික ආණ්ඩුව පිහිටුවීමට නියමිත බව සඳහන්.

මෙහිදී අග්‍රාමාත්‍ය ධුරය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවීමට නියමිත අතර මුදල් අමාත්‍ය ධුරය තවදුරටත් බැසිල් රාජපක්ෂ මහතාටම හිමිවනු ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

දැනට පාර්ලිමේන්තුවෙහි එකම එජාප මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ ද රනිල් වික්‍රමසිංහ මහතා මෙම ජාතික ආණ්ඩුවට එකතුවනු ඇත්තේ සමගි ජන බලවේගයෙන් කඩාගත් මන්ත්‍රීවරුන් 15කගේ පමණ කණ්ඩායමක් සමග වනු ඇති අතර පොහොට්ටු ජාතික ලැයිස්තුවෙන් පස්දෙනෙකු ඉවත් කර ඒ වෙනුවට එජාපයෙන් පිරිසකට පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව ලබාදීමට ද බැසිල් රාජපක්ෂ මහතා එකඟවී ඇති බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම ජාතික ආණ්ඩුවෙහි සුවිශේෂීත්වය වශයෙන් මෙහිදී දෙමළ ජාතික සන්ධානයටත් ප්‍රබල අමාත්‍ය ධුර තුනක් ලබාදීමට කටයුතු කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මෙම ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීම පසුපස ඉන්දියාව විශාල වැඩකොටසක් කරමින් සිටින අතර යුද්ධය අවසන් වීමෙන් අනතුරුවත් දශකයකට වැඩි කාලයක් තිස්සේ ඇදෙන උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු සඳහා දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට ද මේ හරහා කටයුතු කෙරෙනු ඇති බව සඳහන්. විශේෂයෙන්ම රටේ ආර්ථික ස්ථායීභාවය ලබාගැනීමට නම් දේශපාලන ස්ථායීභාවය මුලින් ඇතිකරගත යුතු නිසාත් දශක ගණනක් තිස්සේ ඇදෙන දෙමළ ජනතාවගේ ගැටලුවලට කිසියම්ම හෝ පිළිතුරක් නොදී තවදුරටත් ඉදිරියට ඇදගෙන යෑම කළ නොහැකි දෙයක් නිසාත් මෙය ඉතාමත්ම ප්‍රගතිශීලී පියවරක් වශයෙන් සැලකිය යුතු බව අපගේ ද හැඟීමයි.

එමෙන්ම මේ ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් හා යුරෝපා සංගමයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වයන් ද විසඳාගෙන ශ්‍රී ලංකාවෙහි ඉදිරි සංවර්ධනය සඳහා විශාල සහයෝගයක් ඔවුන්ගෙන් ලබාගැනීමට ද නියතවම හැකිවනු ඇත.

ඒ අනුව ආණ්ඩුව තුළ සිටි අන්තවාදීන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමති ධුරවලින් ඉවත් කිරීම ද මීට සමගාමී පියවරක් වශයෙන් සැලකිය හැකිය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan