විපක්ෂ නායක සජිත් සහ මෙරට නව ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

ශ්‍රි ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි ජූලී ජේ. චන්ග් මහත්මිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (07) සිදුවිය. ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය.

දෙරට අතර කාලාන්තරයක් තිස්සේ පවත්නා සුහදශීලී ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායකවරයා එම ශක්තිමත් මිත්‍රශීලී සබඳතාවය වඩ වඩාත් ශක්තිමත් වීමේ වටිනාකම ද අවධාරණය කළේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමඟ පවතින ආර්ථික සමාජීය සංස්කෘතික සබඳතා පිළිබඳව සිය අවධානය යොමු කළ තානාපතිනිය එය වඩ වඩාත් ශක්තිමත් වනු දැකීම සිය අපේක්ෂාව බවද පැවසීය.

RN