*
https://www.fapjunk.com https://pornohit.net london escort
Wednesday, February 21, 2024
spot_img

Latest Posts

කාන්තා දිනය සමරන්නවත් කාන්තාවන්ට නිදහසක් නෑ, හැමෝම පෝලිම්වල – විපක්ෂ නායක

රට මුහුණ දී සිටින සියලු අර්බුද හමුවේ වැඩිම පීඩනයට ලක්ව සිටින්නේ කාන්තාවන් බවත්, ඔවුන් වෙනුවෙන් සහන සැළසීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා හෝ ඔවුන්ට නිදහස් නොමැති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ කාන්තා දිනය සැමරීම පසෙක තබා කාන්තාවන්ට ගෑස් පෝලිම්වල, කිරිපිටි පෝලිම්වල, ලාම්පුතෙල් පෝලිම්වල, ඖෂධ පෝලිම්වල රස්තියාදුවීමට සිදුව ඇති බවයි.

ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකයා,

ද (මාර්තු මස 8) ජාත්‍යන්තර කාන්තා දිනයයි. මෙවර කාන්තා දින ලෝක තේමාව වනුයේ, “තිරසර හෙට දිනයක් වෙනුවෙන් අද දින සුරකින ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය” යන්නයි. ගෝලීය දේශගුණික විපර්යාසයන්ගෙන් මුලින්ම පීඩා විඳින කණ්ඩායමට අයත් වන්නේ කාන්තාවන් බවත්, එයින් අත් මිඳීමට ඔවුන් ගන්නා ප්‍රයත්නයන් අගය කිරීම හා පිළිගැනීමත් එම තේමාවේ පසුබිමයි.

ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන බිලියන 1.3ක ජනතාවගෙන් 70%ක් කාන්තාවෝය. එමෙන්ම, ඉතා දිළිඳු නාගරික කුටුම්භවලින් 40%ක් ම කාන්තා මූලික කුටුම්භ වේ. එක්සත් ජාතීන්ගේ දර්ශක වලට අනුව, ලෝක ආහාර නිෂ්පාදනයට කාන්තා දායකත්වය 50%-80% ත් අතර වුව ද, බෝග නිෂ්පාදනයට යොදනු ලබන ඉඩම්වල කාන්තා අයිතිය 10%කටත් අඩු වේ.

ගෝලීය තත්ත්වයන් තුළ තිරසාර සංවර්ධනයක් සඳහා කාන්තාවන් සවිබල ගන්වන අවස්ථාවක නිසි පෝෂණය, අධ්‍යාපනය සහ ආරක්ෂාව යන මූලික අවශ්‍යතාවයන් හෝ සපුරාගත නොහැකි තත්ත්වයකට අද අප රටේ කාන්තාව පත්ව ඇත. ලෝක ආහාර වැඩපිළිවෙලේ මෑතක නිකුත් වූ ජාතික පෝෂණ වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ඉපදෙන දරුවන් 5කට 1ක් නොමේරූ දරුවන් ය. මවගේ පෝෂණ ඌනතාවය හා නොදැනුවත් බව බොහෝවිට මීට හේතු වී ඇත. එමෙන්ම, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (Institute of Policy Studies) හි පර්යේෂණ වලට අනුව, කොවිඩ් වසංගතයට පෙර දිළිඳු පවුල්වල වයස අවුරුදු 17-18 අතර ගැහැණු දරුවන්ගේ පාසල් හැරයාම 53.9%කි. නිදහස් අධ්‍යාපනය හිමි රටක මෙය ඉතාමත් ඛේදනීය තත්ත්වයකි. එපමණක් නොව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ 2019 කරන ලද කාන්තාවන්ගේ යහ පැවැත්ම සම්බන්ධ සමීක්ෂණ වාර්තාවට අනුව, 52%ක් වන ශ්‍රී ලාංකික කාන්තා පරපුරෙන් සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් යම් ප්‍රචන්ඩත්වයකට, හිංසනයට ලක් වී ඇත. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වාර්තාවට අනුව, කොවිඩ් වසංගත කාලය තුළ මෙම තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇත.

රට තුල ඇති අධික උද්ධමනය, ආහාර ඇතුළු අනිකුත් මූලික භාණ්ඩ හා සේවාවල ඇති හිඟකම සහ ආර්ථික බංකොළොත් භාවය යන කරුණු වලින් සෘජුවම බැට කෑමට ලක්ව ඇති ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් තමන්ගෙ මෙන්ම තම පවුල් ඒකකයන්ගේත් වර්තමාන පැවැත්මත් හා අනාගත අභිවෘද්ධියත් පිළිබඳ පූර්ණ අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

1) පවුලක පෝෂණය, සමබර ආහාර වේලක් සැපයීම හා සෞඛ්‍ය යන සෑම කාර්යයක්ම පැවරී ඇත්තේ කාන්තාවන්ගේ හිස මතය. සිය අවශ්‍යතාවයන් මෙන්ම සිය පවුලේ පෝෂණ සහ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට කිරි පිටි, ලාම්පු තෙල්, ගෑස් හා ඖෂධ පෝලිම්වල සිටීමට කාන්තාවන්ට අද සිදුව ඇත. මේ නිසා කාන්තාව ආර්ථික, ශාරීරික හා මානසික වධහිංසාවන්ට ලක්වන බව රජය පිළිගන්නේ ද? සිය පවුල පෝෂණය කිරීමට කෙතරම් කාලයක් කාන්තාවන්ට පෝලිම්වල දුක් විඳීමට සිදුවේ ද? මෙම පීඩාකාරී බව නවතාලීමට රජය ගෙන ඇති පියවරයන් කවරේ ද?

2) ගැබිනි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය නඟා සිටුවීමට හා නොමේරූ දරුවන් බිහි කිරීමේ ප්‍රවණතාවය අඩු කිරීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව රජය පිළිගන්නේ ද? එසේ නම්, එම වැඩපිළිවෙල කුමක් ද? වයස අවුරුදු 1-5ත් අතර දරුවන්ගේ පෝෂණ තත්ත්වය නංවාලීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ ද?

3) දිළිඳු පවුල්වල ගැහැණු ළමයින්ට අධ්‍යාපනය අහිමිවීම මෙන්ම කොවිඩ් වසංගතයත් සමග සමස්ත දරු පරපුරේ ම අධ්‍යාපන කටයුතු අඩපණ වීමේ මානසික පීඩනය වැඩිපුරම බලපෑවේ මව්වරුන් මතය. දිළිඳු පවුල්වල ගැහැණු දරුවන් බොහෝ විට අධ්‍යාපනයෙන් දුරස්ව ඇති බව රජය පිළිගන්නේ ද? මේ පිළිබඳව විමර්ශනය කොට මෙම දරුවන් නිසි අධ්‍යාපනයක් ලැබීම සඳහා පාසල් වෙත යොමු කිරීමේ වැඩපිළිවෙලක් රජය සතුවේ ද? ඒ කුමක් ද?

4) මෙරට කාන්තාව ස්වයං රැකියා, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, ග්‍රාමීය කෘෂි කර්මාන්තයට සෘජුව ව්‍යවසායකත්වය සහ ශ්‍රම දායකත්වය දක්වයි. කොවිඩ් වසංගතය, විදේශ විනිමය හිඟකම සහ අවිද්‍යාත්මක කාබනීකරණ වැඩපිලිවෙළ හමුවේ මෙම ජීවනෝපායන්ගේ බිඳ වැටීම කාන්තාවන්ගේ ආදායම් අහිමි වීමටත්, විරැකියාව ඇතිවීමටත් හේතු වී තිබේ. මෙම කර්මාන්ත බිඳ වැටීම නිසා ආදායම් සහ රැකියා අහිමි වූ කාන්තාවන් සඳහා යම් සහනයක් ලබා දීමට සුවිශේෂී වැඩපිළිවෙලක් රජය සතුවේ ද? ඒ කුමක් ද?

5) පසුගිය වසර දෙක තුළ ගෘහස්ථ හිංසනය සම්බන්ධ සිදුවීම් කොපමණ වාර්තා වී ද? ගෘහස්ථ හිංසනය නිසා සිදු වූ මරණ කීයක් ඒ අතර වීද? කොවිඩ් තත්ත්වය හමුවේ මෙම සිදුවීම් වල වර්ධනයක් සිදුව ඇති බව රජය පිළිගන්නේ ද? ගෘහස්ථ හිංසනය වැළැක්වීම සඳහා පශ්චාත් වෘත්තීය මානසික හේතු නිසා ගෘහස්ථ හිංසනය සිදු කරන පුද්ගලයන් පුනුරුත්ථාපනය, හිංසනයට ලක්වූ කාන්තාවන් රැකවරණයට ආරක්ෂිත නිවාස ඇති කිරීම හා තොරතුරු ලද වහාම මේ සම්බන්ධ නීතිය නොපමාව බලාත්මක කිරීම වැනි ප්‍රතිකර්ම ගැනීමට රජය තවමත් ප්‍රමාද ඇයි? නොඑසේනම්, මෙම තත්ත්වයන් වැලැක්වීමට හා පාලනයට ගෙන ඇති විකල්ප ක්‍රියාමාර්ග මොනවා ද?

6) පසුගිය කාලවකවානුවේ දී සිදුවූ ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් නිසා ශාරීරිකව මෙන්ම මානසිකව වැඩි වශයෙන් ම පීඩාවට පත් වූයේ කාන්තාවන් බව රජය පිළිගන්නේ ද? එසේ නම්, මොවුන් සඳහා වන්දි ලබාදීමට නිශ්චිත මැදිහත් වීමක් රජය විසින් සිදු කර තිබේ ද? මේ වනවිට ඒ සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙලේ ප්‍රගතිය කුමක් ද?

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.