හිරුණිකාගෙ ගෙදරටත් අසූචි ප්‍රහාරයක් ! ජනතාව මේවට ඡන්දයෙදි ප්‍රතිචාර දක්වයි – ෆොන්සේකා

Date:

ලිපියක් බාරදීම සඳහා කාන්තාවන් පිරිසක් සමග ජනාධිපතිවරයා පදිංචිව සිටි නිවස වෙත යෑම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොදුජන පෙරමුණේ දේශපාලනඥයන්ගේ තර්ජනවලට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

පසුගිය දින කිහිපය පුරා කොලොන්නාවේ හිරුණිකා ප්‍රේමචන්ද මහත්මියගේ නිවස අසල පොහොට්ටු ආධාරකරුවන් නිවැසියන්ට බාධා සිදුවන අයුරින් හැසිරෙමින් සිටි බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා පවසන්නේ සමස්ත ලෝකයම කාන්තා දිනය සමරමින් සිටිද්දී පොහොට්ටුවේ දේශපාලනඥයන් සහ පාක්ෂිකයන් කාන්තාවන්ට, ළමුන්ට පීඩා සිදු කරමින් කාන්තා දිනය සමරන බවයි.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පොහොට්ටු පාක්ෂිකයන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස වෙත අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි. මේ නිසා පොහොට්ටුවේ සංකේතය අසූචි දැයි ප්‍රශ්න කිරීමට සිදුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

මෙසේ කාන්තාවන්ට නින්දා කරමින් කටයුතු කරන පොදුජන පෙරමුණට ඉදිරි මැතිවරණවලදී ඡන්දදායකයන් සිය ඡන්දයෙන් නිසි ප්‍රතිචාර දක්වනු ඇති බවද ඔහු ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පාකිස්තානයේ කයිබර්...

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!