රනිල් තමයි දැන් අපේ ලොක්කා – ජාතික ආණ්ඩුව මහින්දානන්දත් තහවුරු කරයි (VIDEO)

මේ වනවිට තමන්ගේ ප්‍රධානියා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කර තිබුණු ප්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු සපයමින් සිටියදී විපක්ෂයෙන් බාධා කිරීමක් එල්ල වූ අතර තමන්ට ප්‍රශ්නයක් විමසිය හැකිදැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඇසූ අවස්ථාවේදී මහින්දානන්ද අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ,

“බෑ. ඔයාට රනිල් වික්‍රමසිංහ මහත්තයා හා කිව්වොත් දෙනවා අවසර. මට රනිල් වික්‍රමසිංහ මහත්තයා හා කිව්වොත් අවසර දෙනවා. ඔව්, දැන් එයා තමයි අපේ ලොක්කා” යනුවෙනි.

ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත බව ලංකා නිව්ස් වෙබ් අපි අද පෙරවරුවේත් වාර්තා කළෙමු.

මහින්දානන්ද අමාත්‍යවරයා විහිළුවෙන් මෙන් කලින්ම කියා තහවුරු කළ කතාව ඉක්මනින්ම කාටත් දැකගත හැකිවනු ඇත.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/03/08/9488/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...